බුද්ධදත්ත පාලි අකාරාදිය – 556

යසදායක

3. සම්පත් දෙන.

යසමහත්ත

න. කීර්තිමහත්වය හෝ මහත් සම්පත් ඇති බව.

යසලාභ

පු. කීර්තිය ලැබීම.

යසොධර

3. කීර්තිධර වූ.

යසොලද්ධ

3. කීර්තිය නිසා ලැබූ.

යහං

නි. යම් තැනක.

යහිං

නි. යම් තැනක.

යාග

පු. දානය; පූජාව; යාගය.

යාගී

3. පරිත්‍යාග කරන්නා; යාගකරන්නා.

යාගු

ඉ. කැඳ.

යාචක

පු. ඉල්වන්නා; සිඟන්නා.

යාචති

(යාච+අ) ඉල්වයි.

යාචන

න. ඉල්ලීම; යාච්ඤා කිරීම.

යාචනක

3. ඉල්වන.

යාචන්ත

3. ඉල්වන; ඉල්වමින්.

යාචමාන

3. ඉල්වන; ඉල්වමින්.

යාචයොග

3. ඉල්ලීමට සුදුසුව සිටින.

යාචිකා

ඉ. ඉල්වන්නී.

යාචිත

3. ඉල්ලූ; ඉල්වනු ලැබූ.

යාචිතක

3. ඉල්ලා ගත් දෙය.

යාචිත්වා

පූ.ක්‍රි. ඉල්වා.

යාචිතුං

නි. ඉල්වන්ට.

යාජක

3. පරිත්‍යාග කරන්නා; යාගකරන්නා.

යාජන

න. යාගකිරීම.