බුද්ධදත්ත පාලි අකාරාදිය – 557

යාජෙති

(යජ+ණෙ) පරිත්‍යාග කරවයි; යාග කරවයි.

යාජෙතු

පු. යාගකරවන්නා.

යාත

3. ගිය.

යාතවෙ

නි. යන්නට.

යාත්වා

පූ.ක්‍රි. ගොස්.

යාත්‍රා

ඉ. ගමන; ජීවිතය පැවැත්වීම.

යාති

(යා+අ) යයි.

යාතුං

නි. යන්ට.

යාථාව

3. තත් වූ පරිදි; සත්‍ය වූ.

යාථාවතො

නි. නියම තත්ත්වයෙන්; සත්‍යාකාරයෙන්.

යාදිස

3. යම් ආකාර ඇති; යම්බඳු.

යාදිසක

3. යම් ආකාර ඇති; යම් බඳු.

යාන

න. නැඟී යන කරත්ත ආදිය හෝ සත්ව වර්ගය.

යානක

න. කුඩා කරත්තා හෝ රථය.

යානගත

3. යානයක නැඟුණු.

යානභූමි

ඉ. යානයකට යා හැකි පෙදෙස.

යානික

3. පමුණුවන.

යානිය

3. පමුණුවන.

යානී

3. යාන ඇත්තා; යානයෙන් යන්නා.

යානීකත

3. ඉතා පුහුණු කරගත්; නැගී යා හිකි දෙයක් මෙන් කරගත්.

යාපන

න. පවත්වා ගැනීම; පෝෂණය; යැපීම.

යාපනීය

3. පැවැත්මට උපකාර වන; යැපීම ගෙන දෙන.

යාපෙති

(යා+ණ+පෙ) ජීවත් වෙයි; පවත්වයි; පෝෂණය කරයි; යැපෙයි.

යාම

පු. දෙවිවරුන්ගේ නමක්; රාත්‍රියේ තුනෙන් කොටස.