බුද්ධදත්ත පාලි අකාරාදිය – 558

යාමකාලික

3. භික්ෂූන් විසින් පස් වරුවේදී වැලඳිය හැකි දෙය; යාම කාලයට අයත්.

යායි

3. යන්නා.

යාව

නි. යම් තාක්; යම් පමණ.

යාවක

පු. ලාකඩ.

යාවකාලික

3. භික්ෂූන් විසින් පෙරවරුවෙහි වැලඳිය හැකි දෙය; සීමිත කාලයක් ඇති.

යාවජීවං

.ක්‍රි .වි ජීවිතාන්තය දක්වා.

යාවජීවික

3. ජීවිතාන්තය දක්වා පවත්නා.

යාවතක

3. යම් පමණ.

යාවතතියං

තෙවෙනි වර දක්වා; .ක්‍රි .වි තෙවෙනි වර දක්වා.

යාවතතියක

3. තුන්වෙනි වර දක්වා පවත්නා.

යාවතා

නි. යම් පමණ.

යාවතායුක

.ක්‍රි .වි ආයුෂ ඇතිතාක්.

යාවතිහං

.ක්‍රි .වි යම් පමණ දවසක්.

යාවදත්ථං

.ක්‍රි .වි සෑහෙන පමණ.

යිට්ඨ

3. පරිත්‍යාග කළ; යාගකළ.

යුග

න. කල්පයේ කොටස් වූ කලියුගාදිය; ජෝඩුව; යුගලය; වියදණ්ඩ.

යුගග්ගාහ

පු. තරඟයට ඉදිරිපත් වීම.

යුගග්ගාහී

3. තරඟකාරයා.

යුගච්ඡිද්ද

න. වියදණ්ඩේ සිදුර.

යුගනද්ධ

3. එකට වෙළී පවත්නා; මාරුවෙන් මාරුවට; විය ගසේ බැඳි.

යුගනන්ධ

3. එකට වෙළී පවත්නා; මාරුවෙන් මාරුවට; විය ගසේ බැඳි.

යුගන්ත

පු. කල්ප විනාශය; යුගයක අවසානය.

යුගමත්ත

3. එපමණ දිගැති; වියගහක දුර.

යුගල

න. ජෝඩුව; ද්විකය; දෙක.