බුද්ධදත්ත පාලි අකාරාදිය – 566

රද

පු. දත; දළය.

රදන

පු. දත; දළය.

රන්ධ

න. විවරය; සිදුර.

රන්ධක

පු. අරක්කැමියා; බත් පිසන්නා.

රන්ධන

න. බත් පිසීම.

රන්ධෙති

(රන්ධ+ණෙ) උයයි; පිසයි.

රම

3. ඇලෙන; සිත් අලවන.

රමති

(රමු+අ) ඇලේ; ප්‍රීතිමත් වේ; සැප විඳී.

රමන

න. ඇලීම; ප්‍රීතිමත් වීම.

රමන්ත

3. ඇලෙන; ප්‍රීතිමත් වන; සැප විඳිමින්.

රමනී

ඉ. ස්ත්‍රිය.

රමනීය

3. ඇලිය යුතු; සිත් අලවන.

රමමාන

3. ඇලෙන; ප්‍රීතිමත් වන; සැප විඳිමින්.

රම්භා

ඉ. කෙසෙල් ගස.

රම්මක

පු. බක් මස.

රමිත

3. ඇලුණු; ප්‍රීතිමත්.

රව

පු. නාදය; ශබ්දය; හඬ.

රවණ

න. නාද කිරීම.

රවති

(රු+අ) නාද කරයි; ශබ්ද කරයි; හඬයි.

රවන

න. නාද කිරීම.

රවන්ත

3. නාද කරන; නාදකරමින්.

රවමාන

3. නාද කරන; නාදකරමින්.

රවි.පූ

සූර්යයා.

රවිත

3. නාදකළ.
න. නාදය.