බුද්ධදත්ත පාලි අකාරාදිය – 602
වසන්ත
3. වාසය කරන; වාසය කරමින්; පු. මල්පල හටගන්නා කාලය; වසන්ත කාලය.
වසමාන
3. වාසය කරන; වාසය කරමින්.
වසල
3. නීච ජාතිකයා; වසලයා.
වසලක
3. නීච ජාතිකයා; වසලයා.
වසවත්තක
3. වසඟයෙහි පවත්වන්නා.
වසවත්තන
න. බල පැවැත්වීම; යටත් කිරීම.
වසවත්ති
3. වසඟයෙහි පවත්වන්නා.
වස්ස
පු. අවුරුද්ද; වර්ෂාකාලය; වර්ෂාව; වස්කාලය; වැස්ස.
වස්සකාල
පු. වැසි කාලය.
වස්සග්ග
න. භික්ෂූන්ගේ වැඩිමහලු පිළිවෙළ.
වස්සති
(වස්ස+අ) වර්ෂා කෙරේ; වැසි වසී; හඬලයි.
වස්සන
න. වර්ෂා කිරීම; වැසි වැසීම; හැඬලීම.
වස්සන්ත
න. වසින; වසිමින්; හඬලමින්.
වස්සාන
පු. වර්ෂා කාලය.
වස්සාපනක
3. වර්ෂා කරවන; වස්සවන.
වස්සාපෙති
(වස්ස+ණාපෙ) වර්ෂා කරවයි.
වස්සික
3. අවුරුදු ඇති; වර්ෂා කාලයට අයත්.
වස්සිකසාටික
ඉ. වර්ෂාකාලයේදී ඇඳීමට ගන්නා සිවුරක්.
වස්සිකා
ඉ. ඉද්දමල්; පිච්ච වර්ගයක්.
වස්සිත
න. හැඬලීම.
3. තෙමුණු; වර්ෂා කළ.
වස්සිත්වා
පූ.ක්රි. වර්ෂා කොට.
වස්සිතු
පු. වස්සවන්නා; වසින්නා.
වස්සිතුං
නි. වසින්ට.
වස්සී
3. වසින්නා.