බුද්ධදත්ත පාලි අකාරාදිය – 603
වස්සූපනායිකා
වස් එළඹීම.
වසා
ඉ. වුරුණු තෙල; සිරුරෙහි වූ තෙලක්.
වසානුග
3. කීකරු; යටතට පැමිණි; යටහත්.
වසානුවත්තී
3. වසඟයෙහි පවත්නා.
වසාපෙත්වා
පූ.ක්රි. වාසය කරවා.
වසාපෙති
(වස+ණාපෙ) වාසය කරවයි.
වසිත
3. ගතකළ; විසූ.
වසිතබ්බ
3. වාසය කළයුතු.
වසිත්වා
පූ.ක්රි. වාසය කොට.
වසිතා
ඉ. යමක අතිදක්ෂ බව; වසඟ කිරීමට සමර්ථ බව.
වසිතු
පු. වාසයකරන්නා.
වසිතුං
නි. වාසය කරන්ට.
වසිප්පත්ත
3. බලවත් බවට පැමිණි; වසඟයට පමුණුවා ගත්.
වසී
3. බලවත්; යටත් කිරීමෙහි සමර්ථ; වසඟ කරන.
වසීකත
3. යටත් කළ; වසඟකළ.
වසීභාව
පු. ඉතා පුහුණු බව.
වසීභූත
3. ඉතා පුහුණු වූ; බලපැවැත්විය හැකි.
වසු
න. ධනය.
වසුධා
ඉ. පොළොව.
වසුන්ධරා
ඉ. පොළොව.
වසුමති
ඉ. පෘථිවිය.
වහති
(වහ+අ) උහුළයි; දරයි.
වහන
න. ඉසිළීම; ගෙන යාම.
වහනක
3. උසුළන; ගෙන යන.