බුද්ධදත්ත පාලි අකාරාදිය – 636

විබන්ධ

පු. බැම්ම; මාඤ්චුව.

විබ්භන්ත

3. අත් හැර ගිය; සිවුරු හැර ගිය.

විබ්භන්තක

3. අත් හැර ගිය; සිවුරු හැර ගිය පුද්ගලයා.

විබ්භමති

(වි+භම+අ) කරකැවේ; මුළාවී යයි; සිවුරු හැර යයි.

විබාධක

3. බාධා කරන; වළක්වන; හානි කරන.

විබාධති

(වි+බාධ+අ) බාධා කෙ‍රේ; වළක්වයි.

විබාධන

න. බාධා කිරීම; වැළැක්වීම.

විභඞ්ග

පු. අභිධර්මයේ දෙවෙනි පොත; කොටස් කිරීම; බෙදීම.

විභජති

(වි+භජ+අ) බෙදයි; විස්තර කරයි; වෙන් කොට දක්වයි.

විභජන

න. බෙදීම.

විභජන්ත

3. බෙදන; බෙදමින්.

විභජ්ජ

පූ.ක්‍රි. බෙදා.

විභජ්ජවාද

පු. බෙදා පෙන්වන ධර්මය; ස්ථවිර වාදය.

විභජ්ජවාදී

3. ථෙරවාදියා; විස්තර කොට කියන්නා.

විභජිත

3. බෙදූ; වෙන් කළ.

විභජිතබ්බ

3. බෙදිය යුතු; විස්තර කළ යුතු.

විභජිත්වා

පූ.ක්‍රි. බෙදා; විස්තර කොට; වෙන්‍ කොට.

විභජිතුං

නි. බෙදන්ට.

විභජිය

පූ.ක්‍රි. බෙදා; විස්තර කොට; වෙන් කොට.

විභත්ත

3. බෙදූ; විස්තර කළ; වෙන් කළ.

විභත්ති

ඉ. බෙදීම; විභක්තිය; ශබ්දයක් නානාර්ථවලට බෙදීම.

විභත්තික

3. බෙදීම් ඇති.

විභව

පු. ධනය; භව විනාශය; සම්පත.

විභාග

පු. කොටස; බෙදීම; විස්තරය.