බුද්ධදත්ත පාලි අකාරාදිය – 635

විප්පවාස

පු. ඉවත්ව යාම; පිට ගොස් විසීම; වෙන්ව විසීම.

විප්පවුත්ථ

3. පිටත විසූ; වෙන්ව විසූ.

විප්පසන්න

3. අති ප්‍රසන්න; ඉතා පැහැදුණු; ඉතා පිරිසිදු.

විප්පසීදති

(වි+ප+සීද+අ) ඉතා පැහැදේ; ඉතා පිරිසිදු වේ; ඉතා සතුටු වේ.

විප්පහීන

3. අතිශයින් දුරු වූ; දුරු කළ.

විප්ඵන්දති

(වි+ඵන්ද+අ) දඟලයි; බොහෝ සේ කම්පා වේ.

විප්ඵන්දන

න. කම්පාව; දැඟලීම.

විප්ඵන්දිත

න. කම්පාව; දැඟලීම.

විප්ඵාර

3. පැතිරෙන; පු. පැතිරීම.

විප්ඵාරික

3. පැතිරීම් ඇති.

විප්ඵාරිත

3. පැතිරෙව්.
3. දිග හැරි.

විප්ඵුලිඞ්ග

න. ගිනි පුපුර.

විප්ඵූරණ

න. පැතිරීම.

විප්ඵූරති

(වි+ඵූර+අ) පැතිරේ; සෙල වේ.

විප්ඵූරන්ත

3. චඤ්චලවන; පැතිරෙන.

විපාක

පු. පලදීම; ඵලය; විපාකය.

විපාචෙති

(වි+ඵච+ණෙ) නොසතුට ප්‍රකාශ කරයි; මුහුකුරු කරයි; මෝරවයි.

විපාටෙති

(වි+පට+ණෙ) උදුරා දමයි; ගලවා දමයි.

විපිට්ඨිකත්වා

පූ.ක්‍රි. අනභිමුඛ දෙසට හැරී; පිට හරවා.

විපින

න. කැලෑව; වනය.

විපුබ්බක

න. සැරව පිරුණු මෘද දේහය.

විපුල

3. පැතුරුණු; මහත් වූ.

විපුලන්ත

න. පැතුරුණු බව; මහත් බව.

විඵල

3. නිෂ්ඵල; ඵල රහිත.