බුද්ධදත්ත පාලි අකාරාදිය – 634

විපස්සනා

ඉ. මනා අ‍වබෝධය; විදර්ශනාව; විශේෂ දැකීම.

විපස්සනාඤාණ

න. විදර්ශනා ඥානය; විශේෂයෙන් දක්නා නුවණ.

විපස්සනාධුර

න. භාවනාවෙහි යෙදීම.

විපස්සී

3. මනා නුවණැත්තා; මනාසේ දකින්නා.

විප්ප

පු. බ්‍රාහ්මණයා.

විප්පකත

3. අඩාල කළ; අතර මග නැවැත් වූ; කොට නිම නොකළ.

විප්පකාර

පු. විකාරය; විපර්යාසය.

විප්පකිණ්ණ

3. විසිරී ගිය; විසුරුවණ ලද.

විප්පකිරති

(වි+ප+කිර+අ) කඩා බිඳ දමයි; විසුරුවයි.

විප්පකුල

න. බමුණු කුලය.

විප්පජහති

(වි+ප+හා+අ) විශේෂයෙන් දුරු කරයි.

විප්පටිපජ්ජති

(වි+පටි+පද+ය) වරදවා හැසිරේ; වැරදි ක්‍රියා කරයි.

විප්පටිපත්ති

ඉ. පිළිවෙත් කැඩීම; වැරදි ක්‍රියාව.

විප්පටිපන්න

3. පව් කරන; වැරදි මගට බැසගත්.

විප්පටිසාර

පු. පසු තැවිල්ල.

විප්පටිසාරී

3. පසු තැවෙන්නා.

විප්පනට්ඨ

3. මං මුළා වූ; විනාශ වූ.

විප්පමුත්ත

3. නිදහස් වූ; විදුණු.

විප්පයුත්ත

3. එකට නොයෙදුණු; වෙන් වූ.

විප්පයොග

පු. වෙන් වීම.

විප්පලපති

(වි+ප+ලප+අ) විකාර දොඩයි; විලාප කියයි.

විප්පලාප

පු. තේරුමක් නැති දෙඩවිල්ල; විලාපය.

විප්පලුජ්ජති

(වි+ප+ලුජ+ය) බිඳ වැටේ; විනාශ වේ.

විප්පවසති

(වි+ප+වස+අ) සිය‍ ගෙයින් හෝ ගමින් පිට වසයි.