බුද්ධදත්ත පාලි අකාරාදිය – 653

විසුජ්ඣිතුං

නි. පිරිසිදු වෙන්ට.

විසුද්ධ

3. පිරිසිදු වූ.

විසුද්ධතා

ඉ. පිරිසිදු බව.

විසුද්ධන්ත

න. පිරිසිදු බව.

විසුද්ධි

ඉ. කෙලෙස් මල දුරු වීම; නිවන; පිරිසිදු බව; විශේෂ ශුද්ධිය.

විසුද්ධිදෙව

පු. රහත් නම; ශුද්ධ භාවයෙන් දේවත්වයට පැමිණි පුද්ගලයා.

විසුද්ධිමග්ග

පු. නිවනට මග.

විසූක

න. කලබලය; දැඟලීම; නපුරු කටුව.

විසූකදස්සන

න. දැඟලීම් කලබල ආදිය බැලීම.

විසූචිකා

ඉ. කොලරා‍ රෝගය.

විසෙස

පු. උසස් ඥානය; උසස් බව; වෙනස.

විසෙසක

3. වෙනස කරන්නා; පු. න. තිලකය; නලළේ තබන ලකුණ.

විසෙසගාමී

3. දියුණුවට යන්නා.

විසෙසතා

ඉ. විශිෂ්ටත්වය; වෙනස් බව.

විසෙසතො

නි. විශේෂයෙන්.

විසෙසන

න. අලංකාරය; වෙනස; වෙනස් කොට පෙන්වීම; වෙසෙසීම.

විසෙසභාගිය

3. අධිගමය ලබා දෙන; දියුණුවට පමුණුවන.

විසෙසාධිගම

පු. ධ්‍යාන මාර්ගඵලාදිය ලැබීම.

විසෙසිත

3. විශේෂ කළ; වෙන් කළ.

විසෙසිතබ්බ

3. විශේෂණ කළ යුතු; වෙනස් කළ යුතු.

විසෙසිය

3. විශේෂණ කළ යුතු; වෙනස් කළ යුතු.

විසෙසී

3. වශේෂ ඇත්තා.

විසෙසෙති

(වි+සිස+ණෙ) විශේෂ කරයි; වෙන් කොට පෙන්වයි.

විසොක

3. ශෝක රහිත වූ.