බුද්ධදත්ත පාලි අකාරාදිය – 664
වෙලා
ඉ. ඉවුර; කාල වේලාව; ප්‍රමාණය; වෙරළ; සීමාව.
වෙලාතික්කමන
න. වෙරළ ඉක්මවා යාම; සීමාව ඉක්මවීම.
වෙවචන
න. පර්යාය වචනය; සමානාර්ථ ඇති වචනය.
වෙවණ්ණිය
න. අලංකාර නැති බව; විවර්ණ භාවය.
වෙස
පු. ආකාරය; ඇඳුම; වේශය.
වෙසම්ම
න. විෂ්මත්වය; වෙනස.
වෙස්ම
න. ගෙය; භවනය; වාසස්ථානය.
වෙස්ස
පු. වෙළඳාම් කරන්නා; වෛශ්‍ය කුලිකයා.
වෙසාඛ
පු. වෙසක් මස.
වෙසාරජ්ජ
න. නිර්භයත්වය (දැනීම නිසා ඇතිවන); විශාරද බව.
වෙසියා
ඉ. වෙසඟන.
වෙසී
ඉ. වෙසඟන.
වෙහාස
පු. අහස.
වෙහාසකුටි
ඉ. උඩුමහලක කාමරයක්.
වෙහාසගමන
න. අහසින් යාම.
වෙහාසට්ඨ
3. අහසෙහි පිහිටි.
වෙළු
පු. උණ ගස.
වෙළුපබ්බ
න. උණ පුරුක.
වෙළුරිය
න. වෛදූර්ය මැණික.
වො
(තුම්හ ශබ්දයට කළ ආදේශයකි) තොප විසින්; තොපගේ; තොපට.
වොක්කන්ත
3. ඉවත් වූ; බැස ගත්.
වොක්කන්ති
ඉ. පිළිසිඳ ගැන්ම; බැස ගැන්ම.
වොක්කමති
(වි+උ+කමු+අ) ඉවත් වේ.
වොක්කම්ම
පූ.ක්‍රි. ඉවත් වී; පැත්තකට වී.