බුද්ධදත්ත පාලි අකාරාදිය – 692
සත්තු
පු. අත්සුණු; බැදපු පිටි; සතුරා.
සත්තුභස්තා
ඉ. අත්සුණු දමන සම් පසුම්බිය.
සත්ථ
න. ආයුධය; තවලම; වෙළඳාම සඳහා බඩු ගෙනයන පිරිස; ශස්ත්රය; ශාස්ත්රය.
සත්ථක
න. කුඩා පිහිය.
සත්ථකම්ම
න. වෛද්යකු විසින් ආයුධ යොදා කරන පිළියම; සල්යකර්මය.
සත්ථකවාත
පු. ශස්ත්රයක් මෙන් නපුරු වාත රෝගය.
සත්ථවාහ
පු. තවලම් පිරිසේ ප්රධානයා; සාත්තු නායකයා.
සත්ථි
ඉ. කලවය.
සත්ථික
පු. වෙළඳමේ යන සමූහයට අයත් මිනිසා.
සත්ථු
පු. ආචාර්යයා; බුදුරද; ශාස්තෘ.
සත්ථුවණ්ණ
න. රත්රන්.
සති
ඉ. ස්මෘතිය; සිත විපතට වැටෙන්න නොදී රක්නා චෛතසිකය; සිහිය.
සතික
සියක් දෙනෙකුන් ඇති.
සතිතා
ඉ. සිහි ඇති බව.
සතින්ද්රිය
න. ප්රධානත්වය පවත්වන ස්මෘතිය.
සතිපට්ඨාන
න. සිහිය එක් තැනක පිහිටවීම.
සතිමන්තු
3. බොහෝ දේ සිහිකළ හැකි; සිහි ඇති.
සතිවොස්සග්ග
සිහි මුර්ඡාව.
සතිසම්පජඤ්ඤ
න. සිහිය හා නුවණ.
සතිසම්බොජ්ඣඞ්ග
පු. නිවන් ලැබීමට උපකාර වන පිරිසිදු සිහිය.
සතිසම්මොස
පු. සිහිමුළාව; සිහිය නැති වීම.
සතිසම්මොහ
පු. සිහිමුළාව; සිහිය නැති වීම.
සතී
ඉ. පතිව්රතා ස්ත්රිය; සිය සැමියා නො ඉක්මවන්නී.
සතෙකිච්ඡ
3. අසාධ්ය නොවූ; පිළියම් කිරීමට හැකි.