බුද්ධදත්ත පාලි අකාරාදිය – 92

අසංවුත

3. ආවරණය නො කළ; නො වැසූ.

අසංසට්ඨ

3. මිශ්‍ර නො වූ.

අසංහාරිම

3. එහා මෙහා ගෙනගිය නොහැකි.

අසංහීර

3. පැරදවිය නො හැකි; සෙලවිය නො හැකි.

අසක්කුණන්ත

3. නො හැකි වන්නේ; නො හැකි වෙමින්.

අසක්කුණෙය්‍ය

න. නො හැකි දෙය.
3. නො හැකි වූ.

අසකිං

නි. එක්වරකට වැඩියෙන්; නොයෙක්වර.

අසඞ්කිණ්ණ

3. ගැවසී නො ගත්; මිශ්‍ර නොවූ.

අසඞ්කිලිට්ඨ

3. කිලිටි නොවූ.

අසඞ්ඛොහ

පු. නො කැළඹීම.

අසඞ්ග

ඉ. ඇලීම් නැති; පු. නො ඇලීම.

අසච්ච

න. අසත්‍යය; බොරුව.
3. සත්‍ය නොවූ.

අසජ්ජමාන

3. නො ගැටෙන; නො හැපෙන.

අසඤ්ඤ

3. සංඥා නැති.

අසඤ්ඤත

3. නො හික්මුණු.

අසඤ්ඤභව

පු. රූපය ඇති සිත නැති ලෝකය.

අසඤ්ඤී

3. සංඥා නැත්තා; සිත් නැත්තා.

අසඤ්ඤීභව

පු. රූපය පමණක් ඇති ලෝකය.

අසඨ

3. කපටි නොවූ.

අසණ්ඨිත

3. මනා සේ නො පිහිටි.

අසත්ත

3. නො ඇලුණු.

අසති

නැති කල්හි.
(අස+අ) අනුභව කරයි; ඉ. සිහි නැති බව.

අසද්ධම්ම

පු. මෛථුනය; වැරදි ධර්මය.

අසදිස

3. අසදෘශ; අසමාන; සමානයකු නැති.