බුද්ධදත්ත පාලි අකාරාදිය – 91

අවිහෙට්ඨන

න. හිංසා නො කිරීම.

අවීචි

පු. අතර නැති ගිනි සිලු ඇති නරකය; අවීචි නරකය; රළ නැති.

අවීත

3. පහ නොවූ.

අවීතරාග

3. පහ නොවූ රාග ඇති.

අවීතික්කම

පු. නො ඉක්මවීම.

අවීතික්කමන

න. නො ඉක්මවීම.

අවුට්ඨික

3. වැසි නැති.

අවෙකල්ල

3. නො අඩු.
න. නො අඩු බව.

අවෙක්ඛති

(අව+ඉක්ඛ+අ) බලයි.

අවෙක්ඛන

න. බැලීම.

අවෙක්ඛන්ත

3. බලමින්; බලන.

අවෙක්ඛමාන

3. බලන; බලමින්.

අවෙක්ඛිත

3. බලන ලද.

අවෙච්ච

(ආ+විච+ය)(අව+ඉ+ත්‍ය) දැනගෙන.

අවෙච්චප්පසාද

පු. ගුණ දැන පැහැදීම; නො සෙල්වෙන පැහැදීම.

අවෙධ

3. කම්පා නො වන; නො බෙදිය යුතු; බෙදිය නොහැකි; විදය නො හැකි.

අවෙර

න. මෛත්‍රිය.
3. වෛර නැති.

අවෙරී

3. වෛර නැත්තා; සතුරන් නැත්තා.

අවෙලා

ඉ. අකාලය; නුසුදුසු කාලය.

අවොච

අ.ක්‍රි. කීයේය.

අසංඛත

න. නිවන.
3. ප්‍රත්‍යයෙන් හට නොගත්; සකස් නො කළ.

අසංඛතධාතු

ඉ. නිවන.

අසංඛෙය්‍ය

3. ගණන් කළ නො හැකි.

අසංවාස

3. සමග විසීමට යෝග්‍ය නොවූ; පු. සමග නො විසීම.