බුද්ධදත්ත පාලි අකාරාදිය – 90

අවිඤ්ඤාණක

3. සිත් නැති.

අවිඤ්ඤාත

3. නො දත්.

අවිඤ්ඤූ

3. අඥානයා; නූගත්.

අවිද්දසු

පු. අඥානයා; මෝඩයා.

අවිදිත

3. නො දත්.

අවිදූර

න. නුදුරු තැන.
3. නුදුරු.

අවිනිබ්භොග

3. වෙන් කළ නො හැකි.

අවිනීත

3. නො හික්මුණු; පුරුදු නො කළ.

අවිප්පවාස

පු. නො වෙන්ව විසීම; විද්‍යාමානත්වය.

අවිභූත

3. ප්‍රකට නොවූ.

අවිරාධන

න. නො වැරැද්දීම.

අවිරුද්ධ

3. එකඟ වූ; විරුද්ධ නොවූ.

අවිරූළ්හ

3. දියුණු නොවූ; වෘද්ධියට නො පැමිණි.

අවිරූළ්හිච්ඡන්ද

3. නැවත ඉපදීමට ආශා නැති.

අවිරොධ

පු. අවිරුද්ධ බව; එකඟ බව.

අවිලම්බිතං

ක්‍රි.වි. ඉක්මනින්; වහා.

අවිවය්හ

3. ඉවසිය නොහැකි; විවාහයට අයෝග්‍ය.

අවිසංවාද

පු. බොරු නො කීම.

අවිසංවාදක

3. බොරු නො කියන.

අවිසංවාදී

3. බොරු නො කියන්නා.

අවිහ

පු. අවිහ නම් බඹ‍ලොව.

අවිහිංසා

ඉ. අහිංසාව; හිංසාවෙන් වැළකීම.

අවිහිත

3. නො කළ; නො යෙදූ.

අවිහෙට්ඨක

3. හිංසා නො කරන.