බුද්ධදත්ත පාලි අකාරාදිය – 89

අව්හය

3. නම් ඇති; පු. නම.

අව්හයති

(ආ+ව්හෙ+අ) අඬගසයි; කැඳවයි.

අව්හයන

න. අඬගැසීම; කැඳවීම.

අව්හයන්ත

3. කැඳවන; කැඳවමින්.

අව්හයමාන

3. කැඳවන; කැඳවමින්.

අව්හා

ඉ. නාමය.

අව්හාත

3. කැඳවූ; කියන ලද.

අව්හාන

න. අඬගැසීම; කැඳවීම.

අව්හෙත්වා

පූ.ක්‍රි. අඬගසා; කැඳවා.

අව්හෙති

(ආ+ව්හ+අ) අඬගසයි; අමතයි; කැඳවයි.

අව්‍යක්ත

3. දක්ෂ නොවූ; නූගත්; පණ්ඩිත නොවූ; ප්‍රකට නොවූ.

අව්‍යග්ගමනස

3. සැක රහිත සිතැති.

අව්‍යය

3. ක්ෂය නොවන දෙය.
න. නිවන; වියදම් නැති බව.

අව්‍යයීභාව

පු. අව්‍යයන් මුලින් යෙදෙන සමාස.

අව්‍යවට

3. ක්‍රියාවක නො‍‍ යෙදුණු.

අව්‍යාකත

3. කොටසකට ඇතුලත් නො කළ; ප්‍රකාශ නො කළ.

අව්‍යාපජ්ජන

න. කෝප නො වීම; වෙනසට නො පැමණීම.

අව්‍යාපජ්ඣ

න. නිවන.
3. කරදර නැති; කරුණා සහගත.

අව්‍යාපාද

3. ක්‍රෝධ නැති; හිංසක අදහස් නැති; පු. මෛත්‍රිය.

අව්‍යාවට

3. උත්සාහවත් නො වූ.

අවාපුරණ

න. යතුර.

අවාපුරති

(අව+ආ+පුර+අ) විවෘත කරයි.

අවිකම්පී

3. කම්පා නො වෙන්නා.

අවික්ඛෙප

පු. කලබල නැති බව; චඤ්චල නො වීම.

අවිග්ගහ

පු. අනංගයා.

අවිජ්ජ

ඉ. නො දැනීම.

අවිජ්ජමාන

3. නැති; විද්‍යමාන නොවූ.

අවිජ්ජා

ඉ. මෝහය.

අවිජ්ජොඝ

පු. අවිද්‍යා නැමැති සැඩ පහර.