සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 240

උච්ඡුභාජක

පු. උක් බෙදන්නා, උක්ගස් පැනි බෙදන්නා. (පි. 165)

උච්ඡුමය

ති. ඉක්ෂුමය, උක්මය, උක්පැනි යෙන්ම සෑදුනු. (පි. 166)

උච්ඡුයට්ඨි

න. උක් ගස, උක් කඳ, උක් සැරයැටිය. (පි. 165)

උච්ඡුයන්ත

පු. උක්මෝල, ඉක්ෂු යන්ත්‍රය. (පි. 166)

උච්ඡුරස

පු. ඉක්ෂුරසය, උක්පැනි, එක් යාම කාලිකයක්. (පි. 166)

උච්ඡුවාත

පු. ඉක්ෂු වාතය, උක්ගස්වලින් හමන වාතය. (පි. 166)

උච්ඡුවිකති

ඉ. උක්පැණිවලින් සාදනු ලබන පැණි, හකුරු ආදිය. (පි. 165)

උච්ඡුවිකාර

පු. ඉක්ෂුවිකාර, උක්පැණි, එම සකුරු, සීනි ආදිය. (පි. 166)

උච්ඡුසාලා

ඉ. ඉක්ෂු ශාලාව, උක් ශාලාව. (පි. 166)

උච්ඡෙද

පු. සිඳීම, කැපීම, දෙපළු කිරීම. (පි. 165)

උච්ඡෙදදිට්ඨි

‍ඉ - මරණින් මතු ඉපදීමක් නැතැයි ගන්නා ඇදහීම, උචඡෙද දෘෂ්ටිය. (පි. 165)

උච්ඡෙදදිට්ඨික

පු. මරණින් මතු නැවැත ඉපදීමක් නැතැයි ගත් ඇදහීම් ඇත්තා, උච්ඡෙද දෘෂ්ටිකයා. (පි. 165)

උච්ඡෙදන

පු. සිඳීම, කැපීම, විනාශවීම. (පි. 165)

උච්ඡෙදවාද

පු. මරණින් මතු නැවත ඉපදීමක් නැතැයි යන මතය. (පි. 165)

උච්ඡෙදවාදී

පු. මරණින් මතු නැවත උත්පත්තියක් නැතැයි යන මතය ගත් තැනැත්තා, චාර්වාක දාර්‍ශනිකයා, ඔවුන් මත(ධර්‍ම)ය නම්, යාවජ්ජීවං සුඛං ජීවෙත්, ඍණං කෘත්වා දධිං පිවෙත්, භස්මීභූතස්‍ය දෙභස්‍ය පුනරාගමනං කෘතඃ. ‘ෂඩ්දර්‍ශනසමුච්චය’ දිවි ඇතිතාක් සැපසේ ජීවත් විය යුතුය. මුදල් නැතිනම් ණයට ගෙනවත් ගිතෙල් කෑ යුතුය. පුලුස්සා අළු කරණලද මේ ශරීරයාගේ නැවත ඒමෙක් කොයින්ද? මෙබඳු අදහස් ඇති උච්චෙද වාදියා. (පි. 165)

උච්ඡෙදි

ති. කපනසුලු, සිඳිනසුලු. (පි. 165)

උඡ

√ භු. පිපාසායං, පිපාසයෙහි, උඡති, බොනුරිසිවෙයි. (පි. 166)

උඡති

ක්‍රි. (උඡ √ භු. පිපාසායං, පිපාසයෙහි +ති) බොනු කැමතිවෙයි. (පි. 166)

උඡි

√ භු. ආභිණ්ඩනෙ, භික්ඛනෙ, ඇවිදීමෙහි, සිඟීමෙහි, උඤ්ඡති. ඇවිදියි, සිඟයි. (පි. 166)

උඡී

√ භු. බන්ධනෙ බැඳීමෙහි, උඡති බඳියි. (පි. 166)

උජජඉති

ඉ. උදේනි නුවර, “ගච්ඡ භණෙ ජීවක, උජ්ජෙනිං ගන්ත්වා රාජානං පජ්ජොතන්ති කිච්ඡාපෙහි.” (පි. 167)

උජ්ජ

√ චු. බලපාණනෙසු, බලපෑමෙහි, උජ්ජෙති, බලපවත්වයි. (පි. 166)

උජ්ජග්ඝති

ක්‍රි. (උ+ජග්ඝ. √ භු. හසනෙ, සිනාසීමෙහි +ති) සිනාසෙයි. (පි. 166)

උජ්ජග්ඝික

පු. මහසිනා ඇතිව, මහ සිනාව, හඬනඟා සිනාසීම. (පි. 166)