සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 241
උජ්ජඞ්ගල
ති. ඉතා තද බිම, විෂමභූමිය. (පි. 166)
උජ්ජයනි
ඉ. අවන්ති පුරය, උදේනි නගරය, වික්රමාදිත්ය රජුගේ නගරය. (පි. 166)
උජ්ජල
ති. බැබලීම, දීප්තිමත්. (පි. 166)
උජ්ජලති
ක්රි. (√ භු. උ+ජල, දිත්තියං, දීප්තියෙහි +ති) දිලිසෙයි බබලයි. (පි. 166)
උජ්ජලන
න. දැල්වීම, පහන් දැල්වීම. (පි. 166)
උජ්ජලිංසු
ක්රි. (උ+ජල √ භු. දීප්තියං, දිලිසීමෙහි +සු), ඇවිලගත්හ, දිලිසුනාහ. (පි. 167)
උජ්ජව
ති. දිවීම, ධාවනය. (පි. 166)
උජ්ජවති
ක්රි. (උ+ජු. √ භු. ජවෙ, දිවිමෙහි +ති) දුවයි, ධාවනය කරයි. (පි. 166)
උජ්ජවනිකාය
ති. උඩට දුවන, ඉදිරියට දුවන. (පි. 167)
උජ්ජහති
ක්රි. (උ+හා. √ චාගෙ, අත්හැරීමෙහි +ති), අත්හරියි. (පි. 167)
උජ්ජාලන
න. බැබලීම, දිලිසීම. (පි. 167)
උජ්ජොත
පු. ආලෝකය, එළිය. (පි. 167)
උජ්ජොතන
න. ආලෝක කිරීම, එළිය කිරීම. (පි. 167)
උජ්ජොති
ක්රි. (උ+ජුත. √ භු. දිත්තියං, බැබලීමෙහි +ති), බබලයි. (පි. 167)
උජ්ජොතිත
ති. ආලෝක කරන ලද, එළිය කරන ලද. (පි. 167)
උජ්ඣ
√ භු. උජ්ඣනෙ, ඉවතලීමෙහි, උජ්ඣති, ඉවතලයි. (පි. 167)
උජ්ඣග්ගිකා
ඉ. ශබ්ද නගා සිනාසීම, මහ සිනාව. (පි. 167)
උජ්ඣත්ති
ඉ. නොසතුටු වීම, අසතුටු වීම, අසන්තුෂ්ටිය. (පි. 167)
උජ්ඣති
ක්රි. (උජ්ඣ √ භු. උස්සග්ගේ, ඉවතලීමෙහි +ති), උජ්ඣති, ඉවතලයි. (පි. 167)
උජ්ඣාන
න. (උ+ඣෙ+යු= අන), අවඥා කිරීම, නින්දා කිරීම. (පි. 167)
උජ්ඣානසඤ්ඤී
පු. අවඥා කිරීම් ඇති, නින්දා කිරීම් ඇති, කිපුණු සිත් ඇති. (පි. 167)
උජ්ඣාපන
න. දැන්වීම, හැඟවීම, විඤ්ඤාපනය. (පි. 167)
උජ්ඣාපනක
පු. අවඥා කරන්නා, නින්දා කරන්නා, අවමන් බස් බෙණෙන. (පි. 167)
උජ්ඣාපයති
ක්රි. (උජ්ඣ √ භු. උස්සග්ගෙ, හැරීමෙහි + ණාපය+ති), නින්දා කරවයි, අවමන් කරවයි. (පි. 167)