සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 243
උඤ්ඡති
ක්රි. (√ භු. උඤ්ඡ, උඤ්ඡනෙ, සිඟීමෙහි +ති), සිඟයි, ඉල්වයි, පිඬු සිඟයි, “පිණ්ඩපාතං උඤ්ඡති.” (පි. 167)
උඤ්ඡා
ඉ. සිඟීම, ඉල්වීම. (පි. 167)
උඤ්ඡාචරිය
පු. භික්ෂාචරණය, පිඬු පිණිස හැසීරීම. (පි. 167)
උඤ්ඡාචරියක
පු. පිඬු පිණිස හැසිරෙන්නා, භික්ෂාචරකයා. (පි. 167)
උඤ්ඡාපත්ත
පු. පිඬු පිණිස ගෙනයන පාත්රය. (පි. 167)
උඤ්ඤා
ඉ. නින්දාව, පරිභවය, අවමන් කිරීම, “උඤ්ඤයාති අවඤ්ඤාය.” (පි. 167)
උඤ්ඤාත
ති. (උ+ඤා+ත) පහත් කොට සැලකූ, අවමන් කළ. (පි. 167)
උඤ්ඤාතබ්බ
ති. නින්දා කටයුතු, හෙලා දැක්ක යුතු. (පි. 167)
උට්ඨපන
න. එසවීම, ඔසවීම, නැගිටවීම, කෙලින් තැබීම. (පි. 167)
උට්ඨවචිත්තක
පු. “උට්ඨව, උට්ඨව, චිත්තක, චිත්තක යැයි මෙම අනුකරණ ශබ්ද කරන පක්ෂි විශේෂයක්. (පි. 167)
උට්ඨහති
ක්රි. (උ+ට්ඨා, √ භු. තිට්ඨෙ, සිටීමෙහි +ති), නැඟිටියි. (පි. 167)
උට්ඨහන
න. නැඟී සිටීම, නැඟිට සිටීම. (පි. 167)
උට්ඨාති
ක්රි. (උ+ට්ඨා √ භු. තිට්ඨෙ, සිටිමෙහි +ති), නැඟී සිටී. (පි. 168)
උට්ඨාන
න. (උ+ඨා+ යු=අන), නැඟී සිටීම, කුසීත භාවයෙන් නැඟී සිටීම. (පි. 167)
උට්ඨානක
පු. (අලස භාවයෙන්) නැගී සිටින්නා. (පි. 167)
උට්ඨානගාමිනී
ඉ. සුදුසු පිළිවෙත් පිරීමෙන් නැගී සිටින ඇවත. (පි. 168)
උට්ඨානවිරිය
න. නැගී සිටින වීර්ය්යය, උට්ඨාන වීර්ය්යය. (පි. 168)
උට්ඨානසඤ්ඤා
ඉ. නැගී සිටීමේ සංඥාව, = සිහිය. (පි. 168)
උට්ඨානාධිගත
ති. (උට්ඨාන+අධිගත), වීර්ය්යයෙන් පැමිණෙන ලද. (පි. 168)
උට්ඨාපක
පු. නැඟිටුවන්නා, ඔසවන්නා. (පි. 167)
උට්ඨාපන
න. නැගිටුවීම, ඔසවීම. (පි. 167)
උට්ඨාපෙති
ක්රි. (උ+ඨා. √ චු. තිට්ඨෙ සිටීමෙහි +ණෙ+ති), නැගිටුවයි, නගා සිටුවයි. (පි. 168)
උට්ඨාය
පු.ක්රි. (උ+ඨා+ත්වා=ය), නැගිට, පටන් ගත් වීර්ය්යය ඇති. (පි. 168)
උට්ඨායක
ති. උට්ඨාන වීර්ය්යය ඇත්තා, උපස්ථාන කරන්නා. (පි. 168)