සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 329
ඔගුණ්ඨිත
කි. වෙළන ලද. ඔතන ලද “න ඔගුණ්ඨිතෙන සීසෙන අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා.” (පි. 220)
ඔගුණ්ඨිතසීස
න. වෙළන ලද හිස, එනම් ශික්ෂාපදය. (පි. 220)
ඔගුණ්ඨෙති
ක්රි. (අව+ගුණ්ඨි. √ චු. වෙඨනෙ වෙළීමෙහි +ති) වෙළයි, ඔතයි. (පි. 220)
ඔගුම්ඵෙති
ක්රි. (අව+ගුම්ඵ √ භු. ගුම්ඵනෙ මල්දම් ගෙතීමෙහි +ණෙ+ති) මල්දමින් සරසයි මල්දමින් වසයි. (පි. 220)
ඔගුම්බියන්ති
ක්රි. (අව+ගුම්බ √ භු. ගුම්බනෙ වෙළීමෙහි +ඊය+න්ති) වෙළා බඳිනු ලැබෙත්. “චම්මවට්ටෙහි ඔගුම්බියන්ති.” (පි. 220)
ඔගුම්බෙත්වා
පු.ක්රි. (අව+ගුම්බ+ණ+ත්වා) ඝන දඬු යොදා, එසේ පියසි තනා. (පි. 220)
ඔගුම්බෙන
න. පියස්ස සුද්ධ කිරීම. (පි. 220)
ඔඝ
පු. ගලාබසින බලවත් සැඩ පහර, මහත් ජල සම්බන්ධය, කාමාදි චතුර්විධ ඔඝය, සමූහය. (පි. 221)
ඔඝතිණ්ණ
පු. චතුරොඝයෙන් එතර වූ තැනැත්තා “ඔඝතිණ්ණොති වුච්චති.” (පි. 221)
ඔඝනීය
ති. චතුරොඝයට අයිති, කාම-භව-දිට්ඨි-අවිජ්ජා ඔඝයන්ට අයත්. (පි. 221)
ඔඝාතිග
පු. චතුරොඝය මැඩපැවැත්වූ තැනැත්තා. (පි. 221)
ඔචරක
ති. පහත්ව හැසිරෙන්නා, ඔත්තු කාරයා, ඇතුළෙහි හැසිරෙන. (පි. 221)
ඔචරණ
න. අවචරණය, හැසිරීම. (පි. 221)
ඔචරති
ක්රි. (අව+චර √ භු. චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 221)
ඔචරිත
ති. හැසිරෙණ ලද. (පි. 221)
ඔචරිත්වා
පු.ක්රි. සලකා, විමසා, පරීක්ෂා කොට බලා. (පි. 221)
ඔච්ඡින්දිත්වා
පු.ක්රි. (අව+ඡින්ද+ඉ+ත්වා) අවුරා, මග අවුරා, මග වලකා “අමනුස්සො මග්ගං ඔච්ඡින්දිත්වා නිලීයි.” (පි. 221)
ඔචිණන
න. රැස්කිරීම, එකතු කිරීම, ඖචිත්ය නය නමි.
න. නෙලීම, වල් නෙලීම. (පි. 221)
ඔචිණ්ණ
පු. ප්රගුණ කළ, පුහුණු කළ, පුරුදු කළ. (පි. 221)
ඔචිත
ති. රැස්කළ, එකතු කළ. (පි. 221)
ඔචිත්යනය
න. පුර්වාපර විරොධිත්වයෙන් යුත් බව ඖචිත්ය නමි ඒ ඖචිත්යයාගේ වශයෙන් ශබ්දාර්ථ විභාග කිරීම. (පි. 221)
ඔචිත්යහීන
න. ඖචිත්යයෙන් තොරවීම, වාක්යර්ථ දෝෂයෙකි. (පි. 221)
ඔචිනන්ති
ක්රි. (අව+චින √ භු. චිනනෙ, කැඩීමෙහි +න්ති) මල් කඩත්, මල් නෙලත්. (පි. 221)
ඔචිනාති
ක්රි. (අව+චි √ කි. චයෙ, රැස් කිරීමෙහි +නා+ති) රැස් කෙරෙයි. (පි. 221)