සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 350

කච

√ දි. බැබලීමෙහි, කචති=බබලයි.
√ චු. ශබ්දයෙහි, කචති=ශබ්දකරයි.
√ භු. බන්ධනයෙහි, කචති=බඳියි. (පි. 234)

කචවර

පු. කසළ, කහළ, අපවිත්‍ර දෙය. (පි. 234)

කචවර ඡඩ්ඪති

ඉ. කසල ඇද දැමීමට පාවිච්චි කරන භාජන විශේෂයක්. (පි. 234)

කචවර ඡඩ්ඪන

න. කසළ ඇද දැමීම. (පි. 234)

කචවර ඡඩ්ඪනක

න. කුණුරොඩු ආදි කසල ඇද දමන භාජනයක්. (පි. 234)

කචවර ඡඩ්ඪිකා

ඉ. ශුද්ධ පවිත්‍ර කරන සේවිකාව. (පි. 234)

කච්ච

√ චු. දීප්තියෙහි, කච්චෙති, කච්චයති=බබලයි, දිලිසෙයි. (පි. 234)

කච්චර

න. කිළුටුදෙය, කසල. (පි. 234)

කච්චි

අ. ප්‍රශ්න-කිම, ඉච්ඡා, ප්‍රකාශ යනාර්ථයන්හි - “කච්චී තෙ කුටිකා නත්ථි කච්චී නත්ථි කුලාවකං.” (පි. 234)

කච්චිකාර

න. ලොකු පැලෑටි වර්ගයක්. (පි. 234)

කච්ඡ

පු. කිසිල්ල=බාහුමූලය, ජල ප්‍රදේශය. කිස්ස=නදී ගංගා ආදීන්ගේ ඉවුරුවල ඇති වන කිස්ස, ඇතුන්ගේ මැද බඳනා පොරොද්ද. අත්කර, කසපට, මෙවුල්දම.
න. තණ බිම්, වගුරු බිම්, දිග තණ කොළ, බව.
පු. කථාවට සුදුසු, කථාවට යොග්‍ය. “කථාසම්පයොගෙන භික්ඛවෙ පුග්ගලො වෙදිතබ්බො යදිවා කච්ඡො යදිවා අකච්ඡොති” අ.නි.
ති. කීමට යුතු, කියන්නට වටින. (පි. 234)

කච්ඡක

පු. අත්තික්කා-දිඹුල්-බෝ ආදි වර්‍ගයන්ට අයිති ගස් ජාතියක්. (පි. 234)

කච්ඡති

ක්‍රි. √ භු. (කසු+ච්ඡ+ති) කරයි. (පි. 234)

කච්ඡන්තර

න. රජුන්ගේ අසර්‍වවිෂයස්ථානය, බොහෝදෙනා වැද්ද නොදෙන තැන, ප්‍රමාදා වනය=රජුන්ගේ අන්තඃපුරය. (පි. 234)

කච්ඡප

පු. කැස්බෑවා, ඉදිබුවා. (පි. 234)

කච්ඡපලක්ඛණ

න. කැස්බා ලක්ෂණ, එය ශුභ නිමිත්තකැයි ශාස්ත්‍රඥයෝ කියති. (පි. 234)

කච්ඡපලොම

න. කැස්බා ලොම්, (ලොව හමු නොවන දෙයකි) (පි. 234)

කච්ඡපිනී

ඉ. කැස්බා හා ඉදිබුවන්ගේ ගැහැනු සතා. (පි. 234)

කච්ඡපුට

පු. බඩුපොදි කිසිලිගසා‍ගන යන්නා. (පි. 234)

කච්ඡා

ඉ. ඇතුන්ගේ මැද බඳනා පොරොද්ද, මෙඛලාදාමය=මෙවුල්දම. (පි. 234)

කච්ඡාලොම

න. කිසිල්ලේ වැඩෙන ලෝම. (පි. 234)

කච්ඡු

ඉ. විතච්ඡිකා නම් කුෂ්ටරෝගය, එනම් ඵලවර්ගය. (පි. 234)

කච්ඡුචුණ්ණ

න. කච්ඡු නම් ඵල වර්‍ගයෙන් ලබාගත් කුඩු, මෙය කුෂ්ටරෝගය සුවකිරීමට ප්‍රබල බෙහෙතකි. (පි. 234)

කච්ඡුපිළකා

ඉ. සිරුරේ ඇතිවන සීරුම්, බිබිලි. (පි. 234)