සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 352

කඤ්ජික(ය)

න. කාඩි, කාඩි ජලය, කැඳ. (පි. 235)

කඤ්ඤන

න. රත්රන්, රන්, ස්වර්‍ණ. (පි. 234)

කඤ්ඤා

ඉ. දස හැවිරිදි ස්ත්‍රිය, ඔසප් නොවූ තැනැත්තී, තරුණිය. (පි. 235)

කඤ්ඤා දාන

න. තරුණියන් විවා කරදීම. (පි. 235)

කට

√ භු. මැඩීමෙහි කටති=මඩියි, මිරිකයි.
√ භු. යාමෙහි. කටති, යෙයි.
√ භු. වර්‍ෂා වරණයෙහි, කටති=වැසි වලකයි.
පු. හස්තිකපෝලය, කලාල, පැදුර, ජය, ස්ත්‍රී නිමිත්ත, කළ දෙය.
න. කළ, කරන ලද, “සුකට දුක්කටානං කම්මානං ඵළං විපාකො.” (පි. 236)

කටච්ඡු

පු. හැන්ද, සැන්ද=දබ්බිය. (පි. 236)

කටච්ඡු භික්ඛා

ඉ. හැඳි බත, බත් හැන්ද. (පි. 236)

කටච්ඡුපරිස්සාවන

න. දඬු තුණක් බැඳ එහි රෙදි කඩක් බැඳ කරන ලද පෙරහන. (පි. 236)

කටට්ඨික

න. උකුල් ඇටය. (පි. 236)

කටල්ලක

පු. රූකඩය, රූකඩ නැටුම. (පි. 236)

කටසර

න. බට ආදි තෘණ වර්ගයක්. (පි. 236)

කටසාරක

න. පැදුර. (පි. 236)

කටසි

න. සොහොන, කනත්ත. (පි. 236)

කටසි වඩ්ඪන

න. සොහොන් වැඩ කරන, මැරී සොහොන් කිරීම, සසර මැරි මැරී ඉපදීම, පුනරුත්පත්තිය කරන. (පි. 236)

කට්ඨ

න. කාෂ්ටය, වියලි දර, වියලි ලී, දුක. දුර්‍ගවන.
ති. සානලද, සී සානලද, නරක නිෂ්ප්‍රයෝජන. (පි. 235)

කට්ඨක

පු. න. බට වර්ගයක්, දෙවි වර්ගයක්. (පි. 235)

කට්ඨකලිඞ්ගර

න. පතුර, දහවියා, බොල්, දහය්යා. (පි. 235)

කට්ඨඛණ්ඩ

න. දර කැබැල්ල, පතුර, නිෂ්ප්‍රයෝජන දේ. (පි. 235)

කට්ඨග්ගි

ඉ. දරවලින් ඇති ගින්දර, ස්වාභාවික ගිනි. (පි. 235)

කට්ඨඞ්ග

ති. සාරය නැති, හර නැති (ගස්)
පු. තොටිල ගස. (පි. 235)

කට්ඨත්ථ

ති. දර පිණිස වූ. (පි. 235)

කට්ඨත්ථර

න. පැදුර, කොල ආදියෙන් තැනු පැදුර. (පි. 235)

කට්ඨතාල

න. ලීයෙන් තැනු යතුර. (පි. 235)

කට්ඨතාළ

න. ලීයෙන් දෙනු ඝණ්ඨාව, ගෙඩිය. (පි. 235)