සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 362

කත්ථචි

අ. කිසිතැනක, කිසි ස්ථානයෙක්හි. (පි. 239)

කත්ථඨිත

අ. කවර ස්වභාවයක්ද? (පි. 240)

කත්ථති

ක්‍රි. (කත්ථ+ති) ගුණ කියයි.
ක්‍රි. √ භු. (කත්ථ-කත්ථනෙ, කීමෙහි +ති) කියයි, පූච්චම් දොඩයි. (පි. 239)

කත්ථනා

ඉ. වර්‍ණනාව, ගුණ කථනය. (පි. 239)

කත්ථවාස

ති. නිවස කොහිද? (පි. 240)

කත්ථවාසික

ති. ඉන්නේ කොහිද? (පි. 240)

කත්ථු

පු. සිවලා, හිවලා. (පි. 240)

කත්ථුරිකා

ඉ. කස්තුරි, මෘගමද. (පි. 239)

කතා

√ චු. සිඳීමෙහි, කන්තෙති, විකන්තයති, සිඳියි. (පි. 240)

කතාවී

පු. සෝවාන් ආදී සතර මගින් කළ කටයුතු ඇත්තා. කරන ලද ස්වභාව ඇත්තා. (පි. 240)

කති

√ රු. නූල් කැටීමෙහි, කනත්ති, නූල් කටියි.
අ. කීයද? කොපමනද. (පි. 240)

කතිකා

ඉ. කතිකාව, ව්‍යවස්ථාව, පණත. (පි. 240)

කතිකා සංඨාන

න. ගිවිසුමකට ඇතුළ්වීම. (පි. 240)

කතිපය

ති. කීපය=කෙපමණ=කොපමණ. (පි. 240)

කතිපාහ

න. (කතිප+ආහ) කීපදවසක්, දින කීපයක්. (පි. 240)

කතිම

ති. කවර, කිනම්. (පි. 240)

කතිවස්ස

අ. වස් කීයද, වයස කීයද? (පි. 240)

කතිවිධ

ති. කතිප්‍රකාර, කී ආකාර. (පි. 240)

කථා

ඉ. කථාව, කථාකිරීම, කථා වස්තුව, ප්‍රබන්ධ කථාව. (පි. 240)

කථාන

න. ඒනම් සංඛ්‍යාව, පදුම සියක් ලක්ෂය, පදුම බලනු. (පි. 240)

කථි

√ භු. කුටිල භාවයෙහි, කත්ථති, වක්ව යෙයි. (පි. 240)

කථික

පු. කියන්නා, කථා කරන්නා, කථිකයා. (පි. 240)

කථිත

ති. කියන ලද, දෙසන ලද. (පි. 240)

කථිතා

ඉ. තෙපුල. (පි. 240)