සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 384

කාසාව

පඬුපොවන ලද්ද, සිව්ර, චීවරය. (පි. 250)

කාසාවක

න. කසටින් රඳනා ලද වස්ත්‍රය, සිව්ර. (පි. 250)

කාසාවකණ්ඨ

පු. කාසාවකණ්ඨයා, කහ කඩක් බොටුවෙහි බැඳ හැසිරෙන තැනැත්තා. (පි. 250)

කාසාවිය

පු. කහ පාර වස්ත්‍ර ඇඳගත් තැනැත්තා, රාජකීය වධකයා. (පි. 250)

කාසි

පු. කසී ජනපදය, කසීරට. (පි. 250)

කාසික

ති. කසීජනපදයෙහිවූ, කසී‍රටෙහි උපන්. (පි. 250)

කාසිකවත්ථ

න. කසීසළු, බරණැස වියන සළු. (පි. 250)

කාසු

ඉ. වළ, පොළොවෙහි සාරන ලද වළ, රාශිය. (පි. 250)

කාළ

පු. කළුවර පක්ෂය, කළුපැහැය, අකුසලය. (පි. 250)

කාළකණ්ටක

පු. දාතුඩුපක්ෂියා. (පි. 251)

කාළක්ඛන්ධ

පු. කළුකඳ, තිඹිරිගස. (පි. 251)

කාළකා

ඉ. ලේනා. (පි. 251)

කාළකුට

පු. එනම් පර්‍වතය.
පු. න. විෂ වර්ගයක්, වච්චිනාවි. (පි. 251)

කාළතිපු

න. කළු තුඹ, කළු ඊයම්. (පි. 251)

කාළමෙසී

ඉ. බෝදිගස්. (පි. 251)

කාළලොණ

න. කළු ලුණු. (පි. 251)

කාළසීහ

පු. කාළසිංහයා, කළුසිංහයා, වළහා. (පි. 251)

කාළසුත්ත

පු. කළුනූල, එනම් නිරය. (පි. 251)

කාළහංස

විලිකුකුළා, කළුහංසයා. (පි. 251)

කාළා

ඉ. බේරුගස්, කළුත්‍රස්තවාලු. (පි. 251)

කාළාගුරු

න. කළු අගිල්. (පි. 251)

කාළානුසාරි

පු. කළුවැල්, ගල්මල. (පි. 251)

කාළායස

පු. යකඩ. (පි. 251)

කාළාරික

පු. එනම් ඇත්කුලයක්. (පි. 251)