සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 385

කාළාවක

පු. එනම් ඇත්කුලය. (පි. 251)

කාළිය

න. කළුවැල්. (පි. 251)

කි

√ භු. උන්නතියෙහි, කෙති, උඩට යයි.
√ සු. පෙළීමෙහි, කිණොති, පීඩාකෙරෙයි.
පු. එකසඞ්ඛ්‍යාව, පද්මාදිය, සදෘශාර්‍ථ. (පි. 251)

කිං

ති. පුච්ඡා, ගර්හා, අනියම, පරිවිතර්‍ක, ප්‍රශ්න යන අර්ථයන්හි.
අ. නින්දා, අනියම, නිශ්ඵලවචන, පිළිගැන්ම, යන අර්ථයන්හි. (පි. 251)

කිංජච්ච

කුමන ජාතියකද? (පි. 251)

කිංපක්ක

න. නොදන්නා හෝ විෂ ඵල ඇති ගස. (පි. 251)

කිංපුරිස

පු. පුරුෂයන් වැනි අයෙක්, වානර. (පි. 251)

කිංසීල

න. කවර සීලයක්ද? (පි. 251)

කිංසු

අ. ප්‍රශ්නයෙහි, කිමෙක යනාර්‍ථයෙහි. (පි. 251)

කිංසුක

පු. එරබදුඛ කෑල. (පි. 251)

කිකී

පු. කිරලා- “කිකීව අණ්ඩං චමරීව වාලධිං” (පි. 251)

කිඞ්කර

පු. දාසයා, කීකරුවා, “කුම්කෙරෙම් දැයි පිළිවිස කරනුයේ කීකරු.” (පි. 251)

කිඞ්කිණි

ඉ. රහුගෙඩි, කිකිණි, ගෙජ්ජි. (පි. 251)

කිඞ්කිණික

ති. කිකිණි. (පි. 251)

කිඞ්කිරාත

පු. කටුකරඬු, කටුකරඳ. (පි. 251)

කිච්ච

න. කෘත්‍යය, කටයුත්ත. (පි. 251)

කිච්ඡ

පු. ති. දුක, දුෂ්කර, අමාරු. (පි. 251)

කිච්ඡති

ක්‍රි. √ භු. (කිත-දුබ්බල්ලෙ, දුකෙහි,+ති) දුෂ්කරයි. (පි. 251)

කිඤ්චි

අ. ස්වල්පය යනාර්‍ථයෙහි. (පි. 251)

කිඤ්චික්ඛ

න. ස්වල්ප දෙයක්, කුඩා දෙයක්. (පි. 251)

කිඤ්චිදූනක

ති. මඳක් අඩු දේ. (පි. 251)

කිඤ්ජක්ඛ

න. කෙසර, රේණු. ධාන්‍ය කුඹුර, බිම ඇති අස්වැන්න. (පි. 251)

කිට

√ භු. යාමෙහි, කෙටති, යෙයි. (පි. 251)