සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 386
කිටක
න. සංඝාරාමයෙහි ඉස්තෝප්පුව, ආලින්දය. (පි. 251)
කිට්ට
√ චු. ඡෙදනයෙහි, කුට්ටෙති, කුට්ටයති, සිඳියි. (පි. 254)
කිට්ඨ
න. ගොයම්. (පි. 251)
කිට්ඨරක්ඛ
පු. කුඹුර රකින්නා. (පි. 251)
කිට්ඨාද
න. ධාන්‍ය කෑම. (පි. 251)
කිටික
න. සංඝාරාමයෙහි ඉස්තෝප්පුව, ආලින්දය. (පි. 251)
කිණ්ණ
න. සුරාබීජය, රාමණ්ඩි. (පි. 251)
කිණ්හ
පු. කෘෂ්ණ, කළු පැහැය. (පි. 251)
කිණාති
ක්‍රි. √ භු. කී-දබ්බවිනිමයෙ, ද්‍රව්‍ය මිලදී ගැනීමෙහි (කී+ණා+ති) මිලදී ගනී, විකොට ගනී. (පි. 251)
කිත්ත
√ චු. මනාකොට කීමෙහි, කිත්තෙති කිත්තයති, මනාකොට ප්‍රකාශ කෙරෙයි. (පි. 251)
කිත්තක
ති. කොපමණ, කෙපමණ. (පි. 251)
කිත්තන
න. කීර්තනය, ප්‍රකාශය. (පි. 251)
කිත්තාවතා
අ. කොපමණකින් යනාර්ථයෙහි. (පි. 251)
කිත්ති
ඉ. කීර්‍තතිය, ගුණ කථාව. (පි. 251)
කිත්තිම
ති. කරණයෙන් නිවෘත්ත දෙය. (පි. 251)
කිත්තීත
ති. කීර්‍තතිය ප්‍රකාශකළ, කීර්තණය කළ. (පි. 251)
කිත්තෙති
ක්‍රි. √ භු. කිත්ත-කිත්තනෙ කීර්තනයෙහිත (කිත්ත+ණෙති) කීර්තනය කෙරෙයි. (පි. 251)
කිථි
√ භු. පීඩාවෙහි, කිළුටෙහි, කුන්ථති, හිංසාකෙරෙයි, කිළුටුකෙරෙයි. (පි. 255)
කින්ති
අ. කිම යනාර්ථයෙහි. (පි. 252)
කින්නර
පු. කිඳුරා, විස්තර සිංහල අකාරාදියෙහි. (පි. 252)
කින්නරෙස
පු. කින්නරාධිපතියා, වෙසමුණි රජ. (පි. 252)
කින්නු
අ. කිම, මොකද යනාර්ථයෙහි. (පි. 252)
කිප
√ චු. දුර්වල බැව්හි, කිපෙති, කිපයති, දුර්වල වෙයි. (පි. 252)
කිපිල්ලික
පු. කුහුඹුවා, කිපිලි. (පි. 252)