සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 387

කිපෙති

ක්‍රි. √ චු. කිප-දුබ්බල්ලෙ දුර්‍වලවීමෙහි (කිප+ණෙ+ති) දුර්‍වලවෙයි. (පි. 252)

කිබ්බිස

න. අපුණ්‍යය, අපරාධය. (පි. 252)

කිබ්බිසකාර

පු. අපරාධකාරයා. (පි. 252)

කිමඞ්ගපන

අ. කියනුම කවරේද යනාර්ථයෙහි. (පි. 252)

කිම්පවාන

පු. තද මසුරා. (පි. 252)

කිම්පුරිස

පු. කිඳුරා, කින්නරයා. (පි. 252)

කිම්මිර

ති. කඹු වර්ණය. (පි. 252)

කිම්හිචි

අ. අනියමාර්ථයෙහි, කිසිවිටක. (පි. 252)

කිමි

පු. පණුවා. (පි. 252)

කිමිජ

න. තිහිරිපිලී, පට පණුවන්ගෙන් උපදින පිළි, අගිල්. (පි. 252)

කිමිණ

න. කෙමන. (පි. 252)

කිමින

ති. පණුවන්ගෙන් ගහණ. (පි. 252)

කිමිසත්තු

පු. පණු සතුරා, වලඟසාල්. (පි. 252)

කිමු

අ. පරිවිතර්‍කයෙහි. (පි. 252)

කිමුත

අ. අතිශයාර්ථයෙහි. (පි. 252)

කිමුතො

අ. පරිවිතර්‍කයෙහි. (පි. 252)

කිර

අ. අනුශ්‍රතියෙහි, ආරංචියෙන් ඇසීමෙහි අරුචියෙහි.
√ භු. විසිරීමෙහි, කිරති, විසුරුවයි. (පි. 252)

කිරණ

පු. රශ්මිය. (පි. 252)

කිරති

ක්‍රි. √ භු. කිර-විකිරණෙ, විසුරුවීමෙහි, (කිර+ති) විසුරුවයි. (පි. 252)

කිරාත

පු. මොනර පිල් ආදිය පිළීකොට හඳනා ම්ලෙච්ඡ ජාතික චණ්ඩාල විශේෂයක්, වැදි, වනචර, බිම්කොහොඹ. (පි. 252)

කිරාස

ක්‍රි. අසත්‍ය, වංචාකාර. (පි. 252)

කිරිය

න. ක්‍රියාව, විංශතිප්‍රකාර ක්‍රියාසිත්. (පි. 252)

කිරියා

ඉ. ක්‍රියාව, ත්‍රෛයිකාලිකාදි ක්‍රියා. (පි. 252)

කිරියාපද

න. ක්‍රියා පදය. (පි. 252)