සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 402

කූල

න. ඉවුර, තීරය. (පි. 259)

කූලදෙස

පු. තීරදේශය, තීරය සමීපයෙහිවූ දේශය. (පි. 259)

කූලභූමි

ඉ. ඉවුරු බිම. (පි. 259)

කෙ

√ භු. ශබ්දයෙහි, කායති, ශබ්ද කෙරෙයි. (පි. 259)

කෙක

න. ගස්වර්ගයක්. (පි. 259)

කෙකර

පු. වපරයා, වපර ඇස. (පි. 259)

කෙකා

ඉ. මයූර නාදය, මොනර ශබ්දය. (පි. 259)

කෙකිසිඛා

ඉ. මොනර කුඩුම්බිය. (පි. 259)

කෙකී

ඉ. මොනරා. (පි. 259)

කෙචන

අ. කිසිවෙක් යනාර්‍ථයෙහි. (පි. 259)

කෙචි

අ. කිසිවෙන් යනාර්‍ථයෙහි. (පි. 259)

කෙටුභ

න. කවීන්ට හිතවූ කාව්‍යකල්පය=සුබොධාලඞ්කාරාදි අලඞ්කාර ග්‍රන්ථ විශේෂය. (පි. 260)

කෙටුභී

පු. වංචාකාරයා, ශික්ෂිත වංචාකාරයා. (පි. 260)

කෙත

√ චු. ආමන්ත්‍රණයෙහි, කෙතෙති, කෙතයති, ආමන්ත්‍රණය කරයි. (පි. 260)

කෙතක

පු. වැටකේගස, ධ්වජය, ගෘහය. (පි. 260)

කෙතකී

ඉ. වැටකේගස. (පි. 260)

කෙතන

න. ධ්වජය, ගෘහය. (පි. 260)

කෙතර

පු. වපරයා. (පි. 260)

කෙතව

න. ශඨබව, දූකෙළිය. (පි. 260)

කෙතු

පු. ලකුණ, ධ්වජය, මිලටදීම, එනම් ග්‍රහයා, ප්‍රඥාව, දීප්තිය. (පි. 260)

කෙතූකම්‍යතා

න. කීර්තියට කැමැතිවීම. (පි. 260)

කෙදාර

න. කෙත, රැස්මාලාව. (පි. 260)

කෙනචි

අ. කිසියම්, යම්කිසි. (පි. 260)

කෙනාපාත

පු. නැව් ආදිය පදවන රිට, හබල. (පි. 260)