සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 407

කොපෙති

ක්‍රි. √ දි. (කුප-කොපෙ, කිපීමෙහි=ණෙ+ති) කිපෙයි. (පි. 262)

කොමල

ති. මොලොක්, මෘදු. (පි. 262)

කොමලනාරිකෙල

න. කුරුම්බා. (පි. 262)

කොමාර

පු. කුමරුන්ට අයිති, කුමරුන් පිළිබඳ. (පි. 262)

කොමාරපනි

පු. ලදරු ගැහැණු ළමයෙකුගේ ස්වාමිපුරුෂයා. (පි. 262)

කොමාරබ්‍රහ්මචරිය

න. කුමර බඹසර. (පි. 262)

කොමාරභච්ච

පු. කුමාරයන්ට අයත් පොෂ්‍යය. (පි. 262)

කොමාරි

ඉ. තරුණදාරිකාව, කුමරිය. (පි. 262)

කොමුදී

ඉ. සඳරැස, කුමුදු ඇති, විල. (පි. 262)

කොමුදුනි

ඉ. සඳරැස් සහිත කුමුදු පිපීම ඇති. (පි. 262)

කොරක

පු. මඳක් මූකළ කැකුල. (පි. 262)

කොරකිත

ති. දළු බොහෝ ඇති, මොට්ටු බොහෝ ඇති. (පි. 262)

කොරජික

ති. මුළාවට පත්, චංචල වියහැකි. (පි. 262)

කොරඤ්ජික

පු. හැකිලෙන. (පි. 262)

කොරණ්ඩ

න. පැලෑටි වර්ගයක් හා එහි මල්. (පි. 262)

කොරණ්ඩක

න. එනම් විහාරය. (පි. 262)

කොරනී

ඉ. හීන්එන්සාල්. (පි. 262)

කොරබ්‍ය

පු. කුරු රටට අයිති, කුරුරට පිළිබඳ. (පි. 262)

කොල

පු. ඩෙබර=මසන්, තිප්පිලි, වගපුල්. (පි. 262)

කොලක

න. තකුල්, මිරිස්. (පි. 262)

කොලඞ්කොල

පු. කුලයෙන් කුලයට යන්නා, ආත්මභාව 2. 3. 4. 5. 6. ක් ඇත්තා. (පි. 262)

කොලඤ්ඤ

ති. උසස් කුලයක උපන්. (පි. 262)

කොලට්ඨි

න. ඩෙබර-මසන් පලවල මදය. (පි. 262)

කොලට්ඨිපක්ඛි

පු. එනම් පක්ෂියා, කබරුස්සා. (පි. 262)