සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 408

කොලපුත්ති

පු. කුලපුත්‍රභාවය. (පි. 262)

කොලම්බ

පු. සැලිය, කොළඹ නගරය. (පි. 262)

කොලවල්ලී

ඉ. ඇත්වගපුල්. (පි. 262)

කොලාප

පු. දිඹුල්=උදුම්බර “කස්මානු රුක්ඛෙ කොලාපෙ සුවස්ස රමතෙ මනො” (පි. 262)

කොලාහල

පු. බොහෝ දෙනා එක්ව කරන අරගලනාදය, කලකල ශබ්දය, කාය කොලාහල වාචා කොලාහල දෙක. (පි. 262)

කොලිත

පු. එනම් ඇත්තා, මුගලන් මහ තෙරිඳු. (පි. 262)

කොලිය

පු. එනම් රාජවංශය. (පි. 262)

කොලී

පු. ඩෙබර, මසන්. (පි. 262)

කොලීනියා

ඉ. උසස් පවුල, ශ්‍රේෂ්ඨ උත්පත්තිය. (පි. 262)

කොලෙය්‍ය

පු. බල්ලා. (පි. 262)

කොලෙය්‍යක

පු. උසස් වර්ගයට අයත් බල්ලා. (පි. 262)

කොවිද

පු. පණ්ඩිතයා, ප්‍රාඥයා. (පි. 262)

කොවිදාර

පු. කොවිලාර, කොබෝලීල. (පි. 262)

කොවිළාර

පු. කොවිදාර, කොබෝලීල. (පි. 262)

කොස

පු. පුරුෂනිමිත්ත, භාණ්ඩාගාරය, කළ නොකළ රන්රිදී, මල්කැකුල, කඩු කොපුව, සමූහය, කරඬුව, අකාරාදි කොෂ ග්‍රන්ථ, දුනුපන්සියයක දුරප්‍රමාණය. (පි. 262)

කොසක

පු. කොෂාගත, කොසයට ඇතුළත්. (පි. 262)

කොසජ

පු. කොසයෙන් ජාතවූ, තෙජස. (පි. 262)

කොසජ්ජ

න. කුසීතභාවය, කම්මැලිකම. (පි. 262)

කොසපණ්ණි

ඉ. සැබෝ ගස. (පි. 262)

කොසඵල

න. තකුල්. (පි. 262)

කොසමත්ත

ති. හඬසනක් පමණවූ. (පි. 262)

කොසම්බ

පු. කොසඹ. (පි. 262)

කොසම්බි

ඉ. කොසඹෑනුවර. (පි. 262)

කොසල

පු. කොසොල්රට, අයොධ්‍යපුරය. (පි. 262)