සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 413
ඛන්ධ බීජ
න. ඇසටු නුග උක් ආදිය, කඳෙන් පැල නගින රුක් වැල්. (පි. 265)
ඛන්ධක
න. කොට්ඨාසය, පරිච්ඡේදය, සර්ගය. (පි. 265)
ඛන්ධභාර
පු. රූපාදි පඤ්චස්කන්ධය, ශරීරයාගේ කඳින් ගෙන යන බර. (පි. 265)
ඛන්ධභාරාදි
පු. ස්කන්ධභාර, කටීභාර, සීසභාරාදිය. (පි. 265)
ඛන්ධාවාර
පු. කඳවුර, ටික කලකට යුද්ධ හමුදාවක් නවතින ස්ථානය, තාවකාලික යොධ ස්ථානය, රාජධානිය. (පි. 265)
ඛනු
√ භු. කැණීමෙහි, ඛණති, සාරයි, කණියි. (පි. 265)
ඛපුර
පු. පුවක්ගස. (පි. 265)
ඛබ්බ
√ භු. යාමෙහි, බබ්බති, යෙයි.
√ භු. දර්පයෙහි, බබ්බති, අහඞ්කාර වෙයි. (පි. 265)
ඛභි
√ භු. මැඩීමෙහි, ඛම්භති, ඔබා මඩියි. (පි. 265)
ඛම
ති. යොග්ය, හිත, යුක්ත. (පි. 265)
ඛමති
ක්රි. √ භු. ඛම්-ඛන්තියං, ඉවසීමෙහි +ති (ඛමු+ති) ඉවසයි, ක්ෂමා කරයි. (පි. 265)
ඛමන
ති. ක්ෂමා කරන්නා, ඉවසන්නා.
න. ක්ෂමාව, ක්ෂමා කිරීම. (පි. 265)
ඛම්භ
√ භු. තදවීමෙහි, මැඩීමෙහි, ඛම්භති, වික්ඛම්භති, තදවෙයි, වැඩ පවත්වයි. (පි. 265)
ඛම්භන
න. විෂ්කම්භනය, මැඩීම. (පි. 265)
ඛම්භිත
ති. පසුකළ, ඔතන ලද, විෂ්කම්භනය කළ. (පි. 265)
ඛමා
ඉ. ක්ෂමාව, පෘථිවිය. (පි. 265)
ඛමාපන
ඉ. ක්ෂමාව, ක්ෂමා කිරීම. (පි. 265)
ඛමිතබ්බ
ති. ක්ෂමා කටයුතු, ඉවසියයුතු. (පි. 265)
ඛය
පු. ක්ෂය, ටිකින් ටික ක්ෂය වී යාම. (පි. 265)
ඛර
පු. කොටළුවා, කියත.
√ භු. තෙමීමෙහි, ගෙවීයාමෙහි, ඛරති, තෙමෙයි, ගෙවී යෙයි.
ති. දුඃඛ ස්පර්ශ ඇති දෙය, තියුණු දෙය. (පි. 265)
ඛරමඤ්ජරී
ඉ. සැබෝ ගස. (පි. 265)
ඛරස්සර
පු. රළු ශබ්දය, කර්කශ ශබ්දය. (පි. 265)
ඛරා
ඉ. දෙවදාලිය. (පි. 265)
ඛරාජිත
න. රළු අඳුන් දිවිසම. (පි. 265)