සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 414

ඛරිකා

ඉ. කාඩි, විනාකිරි. (පි. 265)

ඛල

√ චු. පවිත්‍රභාවයෙහි, ඛාලෙති, පවිත්‍රකෙරෙයි.
පු. කල්ක, අධම, කමත, කළවිට.
√ භු. රැස්කිරීමෙහි, ඛලති, රැස්කෙරෙයි.
√ භු. සැළීමෙහි, ඛලති, සෙලවෙයි. (පි. 265)

ඛලග්ග

න. පෑගීමට සුදුසු ධාන්‍ය. (පි. 265)

ඛලති

ක්‍රි. √ භු. ඛල-ඛලනෙ, සෙලවීමෙහි +ති සෙලවෙයි. (පි. 265)

ඛලභණ්ඩග්ග

න. ධාන්‍ය පෑගීමට සුදුසු උපකරණ. (පි. 265)

ඛලභණ්ඩග්ගකාල

න. ධාන්‍ය පෑගීමට සුදුසු උපකරණ ලබාගැනීමේ කාලය. (පි. 265)

ඛලමණ්ඩල

න. කමත, වී පාගන තැන. (පි. 265)

ඛල්පච්ඡාභත්තික

පු. පෙරවරු කාලයෙන් පසුව ආහාර පිළිනොගන්නා තැනැත්තා. (පි. 266)

ඛල්ලක

න. (අඩිය වැසූ) සපත්තු වර්ගයක්. (පි. 266)

ඛල්ලාට

පු. කෙස්නැති හිස ඇත්තා, තට්ටයා, මුඩුහිසා. (පි. 266)

ඛලි

න. පාප්ප, තලප. (පි. 265)

ඛලික

න. දාදුකැටය, දාදුලෑල්ල. (පි. 265)

ඛලිකා

ඉ. දාදුලෑල්ල. (පි. 265)

ඛලිත

ති. පැකිළීම, පැකිළෙනලද.
පු. න. මුවවළල්ල=කටකලියාව, පැසුණු හිසකේ. (පි. 265)

ඛලු

ආ-ප්‍රතිෂෙධ වාක්‍යාලඞ්කාර අවධාරණ, ප්‍රසිද්ධිය යනාදියෙහි. (පි. 266)

ඛලුඞ්ක

පු. අස්කුණ්ඩයා, අශ්වපොතකයා. (පි. 266)

ඛලුපච්ඡාභත්තිකාඞ්ග

න. පෙරවරු කාලයෙන් පසුව ආහාර නොපිළිගැනීමෙන් රකින ධුතාඞ්ගය. (පි. 266)

ඛලෙති

ක්‍රි. √ භු. (ඛල-ඛලනෙ, සෙලවීමෙහි +ණෙ+ති) සෙලවෙයි. (පි. 265)

ඛලොපි

ඉ. සැළිය=හැළිය. (පි. 266)

ඛස

√ භු. හිංසාවෙහි, ඛසති, හිංසාකෙරෙයි. (පි. 266)

ඛළ

√ චු. විදීමෙහි, ඛළෙති, ඛළයති, බිඳියි, භග්නකෙරෙයි. (පි. 266)

ඛළෙති

ක්‍රි. (ඛළ+ණෙ+ති) බිඳියි. (පි. 266)