සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 415

ඛ්‍යා

√ භු. කීමෙහි, ඛ්‍යායති, කියයි, ආඛ්‍යායති, ආඛ්‍යාතං. (පි. 269)

ඛ්‍යාත

ති. ප්‍රසිද්ධ, පතළ, කියන ලද. (පි. 269)

ඛ්‍යාපන

න. ව්‍යාප්තිය, පැතිරීම. (පි. 269)

ඛ්‍යායති

ක්‍රි. √ භු. ඛ්‍යා-පකථනෙ, කීමෙහි +ති) කියයි. (පි. 269)

ඛා

√ භු. දැනගැන්මෙහි, සංපූර්වයි, සඞ්ඛාය, පටිසංඛාය “සඞ්ඛාය ලොකස්මිං පරොවරානි.”
√ භු. කීමෙහි, ඛාති, අක්ඛායති, කියයි. (පි. 266)

ඛාණු

ඉ. කණුව. (පි. 266)

ඛාණුක

පු. කණුව. (පි. 266)

ඛාණුකණ්ටකාධාන

න. කණුකටු වලින් ගැවසී ගත්තැන. (පි. 266)

ඛාත

න. සාරණලද, පොකුණ. (පි. 266)

ඛාද

√ භු. කෑමෙහි, ඛාදති, කයි. (පි. 266)

ඛාදක

පු. අනුභවකරන්නා, කන්නා. (පි. 266)

ඛාදති

ක්‍රි. √ භු. (ඛාද-භක්ඛනෙ, කෑමෙහි +ති) කයි. (පි. 266)

ඛාදන

න. අනුභවය, කෑම. (පි. 266)

ඛාදනීය

න. කැවිලි, කෑයුතුදෑ. (පි. 266)

ඛාදාපන

න. අනුභවකරවීම, කැවීම. (පි. 266)

ඛාදාපෙති

ක්‍රි. √ භු. (ඛාද-භක්ඛනෙ කෑමෙහි. ඛාද+ණපෙ+ති) කවයි, අනුභවකරවයි. (පි. 266)

ඛාදිත

ති. කනලද, අනුභවකළ. (පි. 266)

ඛාදිතට්ඨාන

න. කෑ තැන, කන තැන. (පි. 266)

ඛායති

ක්‍රි. √ භු. (ඛා=ඤාණෙ=වැටහීමෙහි +ති වැටහෙයි, “සුසැනං විය ඛායති, අලක්ඛි විය ඛායති” (පි. 266)

ඛායිත

ති. කනලද, අනුභවකළ. (පි. 266)

ඛාර

න. ක්ෂාරය, ලවණ, කටුක, අමිහිරි.
පු. අලුත්කැකුල, රස, ඉඳුසල්රුක. (පි. 266)

ඛාරක

න. ක්ෂාරමය. (පි. 266)

ඛාරාපත

කියත, කියත්පත. (පි. 266)

ඛාරාපතච්ඡික

න. තියුණු ආයුධයෙන් ශරීරය කෙඳි (තීරු) කොට කාඩි ගල්වා වධ දීමක්. (පි. 266)

ඛාරි

ඉ. මාණික්‍ය සතරක බර, තවුස් පිරිකර. (පි. 266)

ඛාරික

අලුත් දලුව. (පි. 266)