සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 412

ඛත්තිය

පු. ක්ෂත්‍රියයා, ඛත්තිය වංස ඇත්තා, රාජවංශිකයා.
ඉ. රාජස්ත්‍රිය, රජ බිසව. (පි. 264)

ඛත්තිය පරිසා

ඉ. ක්ෂත්‍රිය පිරිස, ක්ෂත්‍රිය සමාගම. (පි. 264)

ඛත්තිය මහාසාළ

පු. ක්ෂත්‍රිය මහාසාරයා, පශ්චිමාන්තයෙන් සියක් කෙළක් ධන නිධානගත වේ ද කහවණු විසි අමුණක් දිනපතා වියදම් වේ ද එබඳු රාජකුල ඇත්තා. (පි. 264)

ඛත්තිය වංස

න. ක්ෂත්‍රිය වංශය. (පි. 264)

ඛත්තිය සුඛුමාල

පු. සිවුමැලි කුමරු. (පි. 264)

ඛත්තියකඤ්ඤා

ඉ. ක්ෂත්‍රිය කන්‍යාව. (පි. 264)

ඛත්තියකුල

න. ක්ෂත්‍රිය කුලය. (පි. 264)

ඛත්තියජ

පු. ක්ෂත්‍රියයාට ජාතක, ක්ෂත්‍රියයාගෙන් උපන්. (පි. 264)

ඛත්තියානි

ඉ. රාජස්ත්‍රිය, රාජ දෙවිය. (පි. 264)

ඛත්තියී

ඉ. ක්ෂත්‍රිය කාන්තාව. (පි. 264)

ඛත්තීය මායා

ඉ. ක්ෂත්‍රිය මායම, ක්ෂත්‍රිය විජ්ජාව. (පි. 264)

ඛත්තු

පු. රියදුරා, දොරටුපාලයා. (පි. 264)

ඛද

√ භු. බැගෑපත්වීමෙහි, පීඩාවෙහි, ඛදති, බැගෑපත් වෙයි, පීඩා වෙයි. (පි. 264)

ඛද්ද

√ භු. ඩැසීමෙහි, ඛද්දති, දෂ්ටකෙරෙයි. (පි. 264)

ඛදි

√ භු. පැනීමෙහි, යාමෙහි, ඛන්දති, පක්ඛන්ධති, පනීථ යෙයි, පැණයෙයි. (පි. 264)

ඛදිර

පු. කිහිරි ගස. (පි. 265)

ඛන

√ භු. කැණීමෙහි, ඛති, සාරයි, කණියි. (පි. 265)

ඛන්ති

ඉ. ක්ෂමාව, ක්ෂාන්තිය, ඉවසීම. (පි. 265)

ඛන්තිමන්තු

ති. ඉවසන්නා. (පි. 265)

ඛන්ද

√ භු. යාමෙහි, වියලීමෙහි, ඛන්ධති, යෙයි, වියලයි. (පි. 265)

ඛන්ධ

පු. රූපාදිස්කන්ධ, උරහිස, කඳ, සමූහය, ගුණ, කඳ කුමරු, ශරීරයාගේ හස්ත පාදයන් අතර මැද කොටස. (පි. 265)

ඛන්ධ කොට්ඨාස

පු. රූපාදි ස්කන්ධ කොටස්. (පි. 265)

ඛන්ධ දෙස

පු. ස්කන්ධ ප්‍රදේශය, ඇත් කඳ, නාරීන්ගේ කඳ. (පි. 265)

ඛන්ධ පඤ්චක

පු. පඤ්චස්කන්ධය, පස්කඳ. (පි. 265)