සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 42
අතිරොචන
න. ඉතා බැබලීම. ඉතා දිලිසීම. (පි. 45)
අතිලීන
ති. ඉතා ඇලුණු, ඉතා ම සැඟවුණු. (පි. 45)
අතිලූඛ
ති. ඉතා රළු, ඉතා දුෂ්කර. (පි. 45)
අතිලොම
ති. අධික ලොම් ඇතී. (පි. 45)
අතිවත්තති
ක්රි. (අති+වතු √ භු. වත්තතෙ, පැවැත්මෙහි +ති) ඉක්ම පවතියි. (පි. 45)
අතිවස
පු. යටත් ව. විසීම. (පි. 45)
අතිව්ය
අ. (අති+විය) ඉතාම, අධික. (පි. 45)
අතිවාක්ය
න. අටවැදෑරුම් අනාර්ය්යවචන, ව්යතික්රම, ප්රකාශකවචන, නින්දාපෙරදැරි වචන කීම.
“අතිවාක්යං තිතික්ඛිස්සං - දුස්සීලො හි බහුජ්ජනො” (පි. 45)
අතිවාත
පු. අධිකවාතය, වේගවත්වාතය, කුණාටුව. (පි. 45)
අතිවායති
ක්රි. (වා. √ දි. ගතිබන්ධනෙසු, යාමය, හැමීමය යන මෙහි +ති) අධික ව. හුළං හමයි. (පි. 45)
අතිවාහ
පු. ඉසිලීම, ඉක්මවීම, උසුලන්නා. (පි. 45)
අතිවිකාල
පු. ඉතා අවේලාව, සවස. (පි. 45)
අතිවිජ්ඣති
ක්රි. (අති+විධ √ දි. +විජ්ඣතෙ, විදීමෙහි +ති) විනිවිදියි, සිදුරු කෙරෙයි- “යථාගාරං දුච්ඡන්නං වුට්ඨි සමතිවිජ්ඣති, එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති.” (පි. 45)
අතිවිජ්ඣන
න. විනිවිදීම. සිදුරු කිරීම. (පි. 46)
අතිවිය
අ. ඉතා ම, වැඩියක්. (පි. 46)
අතිවිස්සට්ඨ
ති. ඉතා බහුලව හරණ ලද. (පි. 46)
අතිවිස්සාස
ති. ඉතා විශ්වාස ඇති, පු. ඉතා ඇදහිල්ල, ඉතා විශ්වාසය. (පි. 46)
අතිවිස්සාසික
ති. ඉතා විශ්වාස ඇති. (පි. 46)
අතිවිසුසුත
ති. අති ප්රසිද්ධ, ඉතා පතළ. (පි. 46)
අතිවුත්ත
පු. (අති+වව-ව්යත්තියං) අලඞ්කාර ශාස්ත්රයෙහි දැක්වෙන වාක්ය දෝෂයක්, ලෞකික අර්ථය ඉක්මවා කියනලද්ද අත්යුක්ත නම් වේ. (පි. 46)
අතිවුද්ධ
ති. ඉතා වෘද්ධ, ඉතා මහලු. (පි. 46)
අතිවෙඨෙති
ක්රි. (අති+වෙ+ √ චු. වෙඨනෙ, වෙළීමෙහි +ති) ඉතාම වෙළයි. අධික කොට ගෙතීම කරයි. (පි. 46)
අතිවෙලා
ඉ. බොහෝවේලා. (පි. 46)
අතිසක්කරී
ඉ. අකුරු පසළොසකින් යුත් ඡන්දස, අතිසක්ඛරී නම් ඡන්දස. (පි. 46)