සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 427

ගලගලායති

ක්‍රි. √ චු. ගල-සචෙ, ගැලීමෙහි +ති) ශබ්දකරමින් ගලා බසියි. (පි. 272)

ගලග්ග

න. උගුරේ මුල. (පි. 272)

ගලග්ගහ

න. උගුරෙන් අල්වා ගැනීම. (පි. 273)

ගලති

ක්‍රි. (ගල √ භු. අදනෙ, අනුභවයෙහි, අනුභවකරයි, ගිලියි. (පි. 272)

ගලන්තට්ඨි

න. ගලග ඇටය, ගලසර ඇටය. (පි. 273)

ගලනාලි

න. උගුරුදණ්ඩ. (පි. 272)

ගලප්පමාණ

න. උගුර දක්වා ඇති ප්‍රමාණය. (පි. 273)

ගලමූල

න. උගුරේ මුල. (පි. 273)

ගලවාට

න. ගලවලුව, ග්‍රීවය, බෙල්ල, ගෙල. (පි. 273)

ගලිත

ති. ගිලිහුනු, ගැලවී පතිතවූ.
ති. ගිලිහුණු, ගැලවුනු. (පි. 273)

ගලොචි

ඉ. කිඳිවැල, රසකිඳවැල. (පි. 273)

ගව

පු. ගවයා, එළහරකා. (පි. 273)

ගවක්ඛ

න. කවුළු දොර, ජනේලය. (පි. 273)

ගවක්ඛක

පු. කවුළු දොර, වාතපානය. (පි. 273)

ගවක්ඛජාල

න. දැල් කවුළුව. (පි. 273)

ගවච්ඡිත

න. දැලකින් වසන ලද රිය. (පි. 273)

ගවජ

පු. ගවරා. (පි. 273)

ගවපති

පු. ගව හිමියා. (පි. 273)

ගවපාත

න. මහත් මහත් සැලි කිරෙන් පුරවා උකුවන පරිදි උණුකොට සහල් ටිකක් දමා මී සකුරු දමා සකස්කළ භොජනය. (පි. 273)

ගවය

පු. ගවය, ගවරා. (පි. 273)

ගව්‍ය

න. ගිතෙල.
පු. එළකිරි ගිතෙල් ආදි එළදෙනගෙන් උපදනා දෙය. (පි. 273)

ගවාඝාතන

න. ගවයන් මැරීම. (පි. 273)

ගවි

පු. ගිතෙල, යාගද්‍රව්‍ය. (පි. 273)

ගවිප්ඵල

න. රුක්ඛවල්ලි ඵලය, එනම් ගෙඩි වර්ගය. (පි. 273)