සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 434

ගුඤ්ජා

ඉ. හුනිඳ, ඔලිඳ, සතර වියටෙක බර. (පි. 276)

ගුඩි

√ භු. පිණ්ඩිකරණෙ, පිඩු කිරීමෙහි, ගුම්බති, පිඩු කෙරෙයි, සම්ච්චය කෙරෙයි.
√ චු. වෙඨණෙ, වෙළීමෙහි, ගුණ්ඨෙති, ගුණ්ඨයති, වෙළයි, ඔතයි. (පි. 277)

ගුණ

√ චු. ආමන්තනෙ, ආමන්ත්‍රණයෙහි, ගුණෙති, ගුණයති, අමතයි, ආමන්ත්‍රණය කරයි.
පු. පටලය, රාශිය, අනුසය.
√ භු. අභ්‍යාසෙ, අභ්‍යාසයෙහි.
√ සු. සංවරණ, සංවරණයෙහි, ගුණෙති, සංවරණය කරයි. (පි. 276)

ගුණක

න. මිහිඟුබෙර සටහනින් වියමන, ගුණාකරන්නා. (පි. 276)

ගුණඩ්ඪ

ති. ගුණයෙන් උසස්, ගුණයෙන් පොහොසත්. (පි. 276)

ගුණරුක්ඛ

පු. කුඹය, නැවේ කුඹගස. (පි. 276)

ගුණ්ඨික

පු. වැසු තැනැත්තා. (පි. 277)

ගුණ්ඨිම

ති. වසා දැමූ, ආවරණය කළ. (පි. 277)

ගුණ්ඨෙති

ක්‍රි. ගුණ්ඨ. √ චු. වෙඨණෙ, වෙළීමෙහි +ණෙ+ති (ගුඩි+ණෙ+ති) වෙළයි. (පි. 277)

ගුණාධාර

පු. ගුණයන්ට ආධාර, ගුණයන්ට පිහිට. (පි. 276)

ගුණී

පු. ගුණ ඇත්තා, ගුණවතා. (පි. 276)

ගුණුක්කංස

පු. ගුණොත්කර්ෂය, උසස්ගුණය. (පි. 277)

ගුණෙතර

ති. නුගුණ, අගුණ. (පි. 277)

ගුත්ත

ති. රක්නාලද, සඟවනලද, ගොපනය කළ. (පි. 277)

ගුත්තද්වාර

න. රක්නා ලද දොර, වසනලද දොර. (පි. 277)

ගුත්තපුරිස

පු. චර පුරුෂය, රහස් ඔත්තු කාරයා. (පි. 277)

ගුත්ති

ඉ. ආරක්ෂාව, ගොපනය. (පි. 277)

ගුත්තික

පු. ආරක්ෂා කරන්නා, ගොපකයා. (පි. 277)

ගුත්තින්ද්‍රිය

ති. වසනලද ඉඳුරන් ඇති. (පි. 277)

ගුද

√ භු. කීළනෙ, ක්‍රීඩාවෙහි, ගුදති, ගොදති, කෙළියි.
න. ගුදය, මලමාර්ගය, අධොමාර්ගය. (පි. 277)

ගුධ

√ භු. දි. වෙඨනෙ, වෙළීමෙහි, ගුජ්ඣති, වෙළයි. (පි. 277)

ගුන්දා

ඉ. වම්මුතු, පුවඟු. (පි. 277)

ගුප

√ චු. දිත්තියං, දීප්තියෙහි, ගොපෙති, ගොපයති, බබලයි, දිලිසෙයි.
√ භු. ජිගුච්ඡනෙ, පිළිකුල් කිරීමෙහි, ජිගුච්ඡති, පිළිකුල් කෙරෙයි.
√ භු. ගොපනෙ, රැකීමෙහි, ගොපති, රකියි. (පි. 277)

ගුඵ

√ භු. ගන්ථනෙ, ග්‍රන්ථනයෙහි, ගුඵති, ගොඵති, ග්‍රන්ථනය කරයි. (පි. 277)