සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 451
චවනතා
ඉ. චුතවීම්බව, මැරෙණබව. (පි. 286)
චස
පු. බන්ධනය, රාශිය. (පි. 285)
චසක
පු. න. පාන පාත්‍රය, රා බොන ඔඩම, රා කෝම්බය. (පි. 286)
චාග
පු. දානය, අඟාණිය, තෑගි. (පි. 286)
චාගාධිට්ඨාන
න. ත්‍යාගාධිෂ්ඨානය. (පි. 286)
චාගානුස්සති
ඉ. ත්‍යාග ගැණ සිහිකිරීම, ත්‍යගානුස්සතිය. (පි. 286)
චාගි
ති. තෑගි කරන්නා, ත්යාගියා, දායකයා. (පි. 286)
චාටි
ඉ. සැලිය, හැලිය. (පි. 286)
චාටු
රැවටිල්ල, කපටි. (පි. 286)
චාටුකම්‍යතා
ඉ. රවටන කැමැත්ත, කපටි අදහස. (පි. 286)
චාතක
පු. කෑදැත්තා. (පි. 286)
චාතුද්දීපික
ති. සතර මහත් දීපයට අයත්, සතර මහත් දීපයෙහි පවත්නා. (පි. 286)
චාතුද්දීපිකමෙඝ
පු. සතර දීපයෙහි පවත්නා වර්ෂාව. (පි. 286)
චාතුම්මහාරාජික
පු. සිව්මහරජය, සිවු මහ දෙව්රජුන් වසන දෙව්ලොව. (පි. 286)
චාතුරන්ත
න. සිවු කෙළවර. (පි. 286)
චාතුරිය
න. දක්ෂකම, නුවණැති බව. (පි. 286)
චාතූද්දස
පු. තුදුස, දස සතර. (පි. 286)
චාප
පු. දුන්න, ධනුව. (පි. 286)
චාපකොටි
න. දුනු කෙළවර. (පි. 286)
චාපලසුන
න. සුදුලුනු වර්ගයක්. (පි. 286)
චාපල්ල
න. චාපල්‍ය, චපල බව. (පි. 286)
චාපල්‍ය
න. චපල බව, අස්ථිර භාවය. (පි. 286)
චාමර
න. සෙමර වාලධියෙන් කළ විජිනිපත. (පි. 286)
චාමීකර
න. රත් හඳුන්. (පි. 286)