සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 452

චාය

√ භු. සම්පූජනෙ, පිදීමෙහි, චායති, ආචායති පුදයි. (පි. 286)

චායති

ක්‍රි. (චාය √ භු. සම්පූජනෙ, පිදීමෙහි +ති) පුදයි. (පි. 286)

චාර

පු. හැසිරෙන්නා, හැසිරීම. (පි. 286)

චාරක

පු. හැසිරෙන්නා, සංචාරණය කරන්නා. (පි. 286)

චාරණ

න. හැසිරීම. (පි. 286)

චාරණික

පු. කෝලම් නැටුම. (පි. 286)

චාරි

පු. හැසිරෙන්නා. (පි. 286)

චාරිකා

ඉ. හැසිරීම, සංචාරය. (පි. 286)

චාරිත්ත

න. චාරිත්‍රය, මනා හැසිරීම. (පි. 286)

චාරු

පු. ස්වර්ණය, රත්රන්.
ති. සුන්දර, මනා යහපත්. (පි. 286)

චාරෙති

ක්‍රි. (චර √ භු. චරණෙ, හැසිරීමෙහි ණෙ+ති) හසුරුවයි, හැසිරෙයි. (පි. 286)

චාවන

න. චුතවීම, මරණය. (පි. 286)

චාවෙති

ක්‍රි. (චු √ භු. චවනෙ, චුතවීමෙහි උ=ඔ=අව+ණෙ+ති) චුත කරවයි. (පි. 286)

චි

අ. අසර්‍වග්‍රහණයෙහි, සමහර, ඇතැම්.
√ භු. චයෙ, රැස්කිරීමෙහි, චිනාති, රැස් කරයි.
√ සු. චයෙ, රැස්කිරීමෙහි, චිණො-(නො)ති, රැස් කෙරෙයි.
√ කි. චයෙ, රැස්කිරීමෙහි, චිනාති විචිනාති රැස් කෙරෙයි. (පි. 286)

චිකබිල්ල

පු. දරඳ, මඟුල් කරඳ. (පි. 288)

චික්ඛ

√ භු. වාචෙ, කිරීමෙහි, චික්ඛති-ආචික්ඛති, කියයි. (පි. 286)

චික්ඛති

ක්‍රි. කියයි-චික්ඛ බලනු. (පි. 287)

චික්ඛන

න. කීම. (පි. 287)

චික්ඛල්ල

න. මඩ කලල. (පි. 286)

චික්ඛිත

ති. කියන ලද, කියු. (පි. 287)

චිකිච්ඡති

ක්‍රි. පිලියම් කරයි, බෙහෙත් කරයි. (පි. 286)

චිකිච්ඡන

න. පිළියම්කිරීම, රෝගයට බෙහෙත් කිරීම. (පි. 286)

චිකිච්ඡිත

ති. පිළියම්කළ, බෙහෙත්කළ. (පි. 287)

චිඞ්ගුලක

න. කරකැවීම, තල්පත් කඩදාසි ආදියෙන් කළ හුලන් පෙත්ත, මෙය ඉරටුවක සවිකරගත්විට වාත වේගයෙන් කරකැවේ. (පි. 287)