සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 474

ජීවන්තිකා

ඉ. පිළිළ=පිළිල. (පි. 298)

ජීවලොක

පු. මනුෂ්‍යලෝකය. (පි. 298)

ජීවසුමන

න. වදගස, බදුවදගස. (පි. 298)

ජීවා

ඉ. දිවිපසුරු. (පි. 298)

ජීවිකා

ඉ. ජීවිකාව, ජීවිකාවෘත්තිය, දිවිරැකීම, ජීවත්වීම. (පි. 298)

ජීවිත

න. ජීවිතය=ජීවිතෙන්ද්‍රිය. (පි. 298)

ජීවිතමද

පු. ජීවිතය නිසා ඇතිවන මදය=උමතුව. (පි. 298)

ජීවිතවූත්ති

න. ජීවිකාවෘත්තිය=දිවිපැවැත්ම. (පි. 298)

ජීවිතින්ද්‍රිය

න. ජීවිතය, ජීවිතෙන්ද්‍රිය. (පි. 298)

ජීවිනියා

ඉ. දිවිපසුරු, ජීවිනි. (පි. 298)

ජීවිනී

ඉ. දිවිපසුරු, දීවත්වන්නී. (පි. 298)

ජීවී

පු. ජීවත්වන්නා, ප්‍රාණියා. (පි. 298)

ජු

√ භු. සීඝ ගමනෙ, ශීඝ්‍රගමනෙහි දුවයි.
√ භු. ගමනෙ, යාමෙහි, ජීවති යෙයි. (පි. 298)

ජුගී

√ භු. වජ්ජිනෙ, හැරීමෙහි, ජුඞ්ගති, හරියි. (පි. 298)

ජුණ්හ

√ දීත්තියං, බැබලීමෙහි, ජුණ්හාති, බබලයි.
පු. සඳරැස, සඳරැසින්යුත් රාත්‍රිය. (පි. 298)

ජුත

පු. න. දූකෙළිය, සූදුව. (පි. 298)

ජුතකාරක

පු. දූකෙළින්නා, අක්ෂධුර්තයා. (පි. 298)

ජුති

ඉ. රුචිය, රශ්මිය, ආලෝකය. (පි. 298)

ජුතික

පු. ආලෝක කරන්නා, ආලෝකය ඇති. (පි. 298)

ජුතින්ධර

පු. ආලෝකය දරන්නා. (පි. 298)

ජුතිමා

පු. ජූතීමන්තු ශබ්දයාගේ පඨමා එකවචනය. (පි. 298)

ජුතීමන්තු

පු. ආලෝක ඇත්තා, එළිය ඇති. (පි. 298)

ජුන

√ භු. කථාවෙහි දීප්තියෙහි, ජොතති, කථාකරයි, බබලයි. (පි. 298)

ජුස

√ භු. හිංසායං, හිංසාවෙහි, ජුසති, පෙළයි.
√ භු. පරිතක්කනෙ, පරිතර්කණයෙහි, ජොසති, කැබලිකර කපයි.
√ චු. පරිකන්තනෙ පරිකර්තණයෙහි, ජොසති, ජොසයති, කැබලිකර කපයි. (පි. 298)