සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 473
ජිනාති
ක්රි. ජි. √ භු. ජයෙ, දිනීමෙහි, (ජි+නා+ති) දිනයි, ජයගනියි. (පි. 297)
ජිපත්තා
ඉ. වවුලා, දුවා. (පි. 297)
ජිම්හ
පු. වක්වූදෙය, වකුට්ට, ඇදය. (පි. 297)
ජිමු
√ භු. භක්ඛනෙ, කෑමෙහි, ජෙමති, අනුභවකරයි. (පි. 297)
ජියා
ඉ. දුනුදිය, දුනුරෑන, දුනුලනුව. (පි. 297)
ජිර
√ භු. බ්රෑහනෙ, වැඩීමෙහි, ජීරති, වැඩෙයි, “අප්පස්සුතායං පුරිසො බලිවද්දොව ජීරති.” (පි. 297)
ජිරි
√ සු. හිංසාය, පෙළීමෙහි, ජිරුණෙති, පෙළයි. (පි. 297)
ජිව්හා
ඉ. දිව, දිහ්වාව. (පි. 297)
ජිව්හානිත්ථද්ධත
න. මන්ත්රබලයෙන් දිව සොලවන්ට බැරිසේ තදකිරීම. (පි. 297)
ජී
√ කි. ජාතියං, හටගැන්මෙහි, ජිනාති, හටගනී. (පි. 298)
ජීමූත
පු. මෙඝය, දෙවදාලිය. (පි. 298)
ජීයති
ක්රි. ජර √ භු. වයොහානිම්හි, වසය්ගත වීමෙහි +ති දිරයි. (පි. 298)
ජීර
√ භු. ජීරණෙ, දිරීමෙහි, ජීරති, දිරයි. (පි. 298)
ජීරක
න. දුරු, දෙදුරු. (පි. 298)
ජීරණ
න. දිරීම, මේරීම, පරණවීම. (පි. 298)
ජීරමාන
ති. දිරණු ලබන, දිරණ. (පි. 298)
ජීරාපෙති
ක්රි. (ජීර √ භු. ජීරණේ, දිරීමෙහි +ණෙ+ති) දිරවයි. (පි. 298)
ජීරි
√ සු. හිංසායං, පෙළීමෙහි, ජිරුණෙති, පෙළෙයි. (පි. 298)
ජීව
න. ප්රාණය, පණ.
√ භු. පාණධාරණෙ, ප්රාණධාරණයෙහි, ජීවති, ජීවත්වෙයි.
පු. ආත්මය, සත්වයා, බ්රහස්පතියා. (පි. 298)
ජීවංජීවක
පු. එනම් අනුකරණ ශබ්දය, පවත්වන මයූර ප්රමාණපක්ෂියෙක්, කපුටා, කොහා උගේ ශබ්දය පවත්වන්නාක්මෙන් මූද ජීවංජීවකයයි ශබ්දනගයි. (පි. 298)
ජීවක
පු. ජීවත්වන්නා, දිවි ඇත්තා, පියාගස, එනම් පැලෑටිය. (පි. 298)
ජීවති
ක්රි. (ජීව √ භු. පාණකරණෙ, ප්රාණධාරණයෙහි +ති) ජීවත්වෙයි. (පි. 298)
ජීවන
න. ජීවත්වන, පණඇති, ජීවිකාව. (පි. 298)
ජීවන්ති
ඉ. ජීවත්වන තැනැත්තී, දිවිපසුරු. (පි. 298)