සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 476

ජොති

ඉ. නැක, රස්මිය, වහ්නිය.
ඉ. දීප්තිය, බැබලීම. (පි. 299)

ජොතික

පු. නැකත්තා, නැකැත් දත්තා, නැකතියා. (පි. 299)

ජොතිමන්තු

පු. රස්මි ඇති, සූර්‍ය්‍යයා. (පි. 299)

ජොතිමාලික

න. ශරීරයෙහි ගිනි දල්වා කරන එනම් වධය. (පි. 299)

ජොතිසත්ථ

න. එනම් වෙදාඞ්ගය, ජොතිශ් ශාස්ත්‍රය. (පි. 299)

ඣජ්ඣ

√ භු. පරිභාසෙ, පරිභාසනයෙහි, ඣජ්ඣති, බණියි, තර්‍ජනය කරයි. (පි. 299)

ඣජ්ඣරී

ඉ. ලිහිල, කොල. (පි. 299)

ඣට

√ භු. රාසිකරන, රැස්කිරීමෙහි, ඣටති, රැස්කරයි. (පි. 299)

ඣත්ත

පු. දවනලද, බඩසයින් පෙළෙන ලද. (පි. 299)

ඣප

√ භු. චු. දැවීමෙහි, ඣාපෙති, ඣාපයති, දවයි. (පි. 299)

ඣමු

√ තු. අදනෙ, දාහෙව, ඣමති, දවයි. (පි. 299)

ඣල්ල

√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, ඣල්ලති, ශබ්දකරයි. (පි. 299)

ඣස

√ භු. හිංසායං, හිංසාවෙහි, ඣසති, පෙළයි, හිංසා කරයි. (පි. 299)

ඣා

√ දි. විචින්තනෙ, සිතීමෙහි, ඣායති, සිතයි, ධ්‍යානකරයි. (පි. 299)

ඣාටල

පු. වල් පළොල්. (පි. 300)

ඣාන

න. ධ්‍යානය, චින්තාව, ධ්‍යානවැඩීම. (පි. 299)

ඣානික

පු. ධ්‍යානවඩන්නා, ධ්‍යානකරන්නා. (පි. 299)

ඣාපන

න. දැවීම, පිලිස්සීම. (පි. 300)

ඣාපිත

ති. දවන ලද, පුලුස්සන ලද. (පි. 300)

ඣාපෙති

ක්‍රි. ඣප √ භු. චූ, දාහෙ, (දැවීමෙහි,+ති) දවයි. (පි. 300)

ඣාම

ති. දෑම, පිලිස්සීම. (පි. 300)

ඣාමක

පු. දවන්නා, ගින්න. (පි. 300)

ඣායක

පු. ධ්‍යාන කරන්නා, සිතන්නා. (පි. 300)

ඣායති

ක්‍රි. සිතයි, ඣා බලනු. (පි. 300)