සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 518

දුග්ගති

ඉ. දුගතිය, දුර්‍ගතිය, නිරය. (පි. 322)

දුග්ගන්ධ

පු. දුර්ගන්ධය, දුගඳ, අරිටු ගඳ. (පි. 322)

දුග්ගම

පු. දුර්‍ගමාර්‍ගය, සොරුන් විසින්ද කණු කටු ආදියෙන්ද ගහණ යා නොහැකි මාර්‍ගය. (පි. 322)

දුග්ගසංචාර

පු. දුර්‍ගමාර්‍ගය, දුර්‍ගස්ථානය. (පි. 322)

දුග්ගහිත

පු. වරදවා ගන්නා ලද්ද, නපුරු කොටගත්. (පි. 322)

දුඝණ

පු. මුගුර, මුද්ගරය. (පි. 322)

දුච්චජන

න. හැරිය නොහැකි. (පි. 322)

දුච්චරිත

න. පාපය, දුශ්චරිතය, දුසිරිත. (පි. 322)

දුජ්ජරා

ඉ. නොදිරණ දෙය. (පි. 322)

දුට්ඨ

පු. දුෂ්ට, නපුරු, කිපියහු, අප්‍රිය. (පි. 322)

දුට්ඨමන

න. දූෂිත සිත් ඇත්තා. (පි. 322)

දුට්ඨමිත්ත

පු. දුෂ්ට මිත්‍ර, නපුරු මිත්‍ර. (පි. 322)

දුට්ඨාරුක

න. දුෂ්ටවෘණය, නපුරු වණය. (පි. 322)

දුට්ඨු

ති. නරක, වැරදි, දුෂ්ට. (පි. 322)

දුට්ඨුල්ල

න. එනම් ඇවැත, නපුර ආශ්‍රය කරන ලද්ද. (පි. 322)

දුත්තප්ප

ති. තෘප්ති කොට හැකි. (පි. 322)

දුතිය

පු. දෙවෙනි, දෙක සම්පූර්‍ණ කරන. (පි. 322)

දුතියක

ති. දෙවෙනියෙක් සහිත, දෙවැන්නෙක් ඇති. (පි. 322)

දුතියා

ඉ. දියවක, භාර්‍ය්‍යාව, දෙදෙනකුන්ගේ පිරීම (සම්පූර්‍ණ කිරීම) කරන්නී. (පි. 322)

දුතියිකා

ඉ. භාර්‍ය්‍යාව. (පි. 322)

දුද්දස

ති. නොදැක්ක හැකි, ති. නොදත හැකි. (පි. 322)

දුද්දසතර

ති. අතිශයින් නොදැත හැකි දශර්‍නීය දේ. (පි. 322)

දුද්දසික

ති. දැකීමට නුසුදුසු, නපුරු දැකුම් ඇත්තා. (පි. 322)

දුද්දිට්ඨි

ඉ. නපුරු දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය. (පි. 322)