සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 519

දුද්දින

න. වැලලි දවස, මෙඝයෙන් අහස වැසී තිබෙන ආලෝක රහිත දිනය. (පි. 322)

දුද්ධ

න. දුග්ධ. මිදිකිරි, දීකිරි. (පි. 322)

දුන්දුභි

පු. බෙරය (පි. 322)

දුන්නාමක

න. අර්‍ශස් රෝගය. (පි. 322)

දුන්නික්ඛිත්ත

ති. වරදවා තබන ලද, වැරදි ලෙස. (පි. 322)

දුපට්ට

න. දෙපොට, පොටවල් දෙකක් ඇති. (පි. 322)

දුප්පජහ

පු. පහකිරීමට දුෂ්කර. (පි. 322)

දුප්පමෙය්‍ය

පු. ප්‍රමාණ නොකට හැකි. (පි. 322)

දුප්පරියොගාළ්හ

ති. දුකසේ ඇතුළත් විය යුතු, ඇතුළත් වීමට දුෂ්කර. (පි. 322)

දුප්පසහ

න. ඉවසිය නොහැකි. (පි. 322)

දුඵ

√ භු. විබාධනෙ, බාධා කිරීමෙහි, දොඵති, කිළුටුවෙයි, “දොඵති චොරං රාජා”. (පි. 322)

දුඵස්ස

පු. දුඃස්පර්ශය ඇති, කසඹිලියා. (පි. 322)

දුබභණිත

න. නපුරුකොට කියන ලද. (පි. 322)

දුබ්බට්ට

පු. නපුරු කොට කියන ලද්ද, “අනුසුය්‍යාය මානොසො සම්මදඤ්ඤාය භාසති, සුභාසිතං අනුමොදෙය්‍ය දුබ්භට්ටෙ නාවසාදයෙ” (අංගුත්තර). (පි. 322)

දුබ්බණ්ණ

පු. (දු+වණ්ණ) නපුරු වර්‍ණය, අශොභන වර්‍ණය, විවර්‍ණය, රිදී. න. (පි. 322)

දුබ්බල

න. දුර්‍වල, බලහීන, දුබල, අබල. (පි. 322)

දුබ්බා

ඉ. හීතණ, ඊතණ. (පි. 322)

දුබ්බුට්ටි

ඉ. (දු+වුට්ඨි) නපුරු වර්‍ෂාව. (පි. 322)

දුබ්බුට්ඨික

නපුරු වැස්ස ඇති (පි. 322)

දුබ්භ

ති. වංචා කරන සුළු, කරදර කරන සුළු. (පි. 322)

දුබ්භක

ති. ද්‍රොහි, මිත්‍ර ද්‍රොහි. (පි. 322)

දුබ්භන

න. ද්‍රොහීකම, හිරිහැර කිරීම. (පි. 322)

දුබ්භාසිත

න. නපුරු කොට කීම, නපුරු කොට කියන ලද, වරදවා කියන ලද. (පි. 322)

දුබ්භික්ඛ

න. දුර්භික්ෂය, භික්ෂා දුර්ලභය, ආහාර හිඟකම. (පි. 322)