සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 579

පඤ්චාල

පු. එනම් ජනපදය, පඤ්චාල රාජ්‍යය. (පි. 352)

පඤ්චාලිකා

ඉ. පෙණහැල්ල. (පි. 352)

පඤ්චින්ද්‍රිය

ඉ. සද්ධින්ද්‍රියාදි පස, චක්ඛුන්ද්‍රියාදි පස. (පි. 352)

පඤ්චුපාදානක්ඛන්ධ

පු. උපාදානුස්කන්ධ පංචකය, කෙලෙස් සහිත රූපාදි ස්කන්ධ පස. (පි. 352)

පඤ්ජ

න. ගොඩ, සමූහය. (පි. 352)

පඤ්ජර

පු. හස්තියා, ඇතා, කූඩුව. (පි. 352)

පඤ්ජලි

ඉ. නමස්කාරය, වැඳීම. (පි. 352)

පඤ්ජලික

පු. නමස්කාර කරන්නා. (පි. 352)

පඤ්ජස

ති. කෙලින්, නියම ලෙස. (පි. 352)

පඤ්ඤ

පු. ප්‍රාඥයා, පණ්ඩිතයා. (පි. 352)

පඤ්ඤත්ත

ති. පනවනලද, ව්‍යවස්ථාපිත. (පි. 352)

පඤ්ඤත්ති

ඉ. ප්‍රඥප්තිය, ව්‍යවහාරය, පැණවීම, ප්‍රකාශය, අසන්නවුන්ගේ සිත් නොයෙක් විසිතුරු කොට සොම්නස ඉපදවීමෙන් තියුණුකොට දෙසීම. (පි. 352)

පඤ්ඤත්තිපථ

පු. ප්‍රඥප්ති මාර්‍ගය, පැණවීම් මග. (පි. 352)

පඤ්ඤවන්තු

පු. ප්‍රඥාඇත්තා, නුවණ ඇත්තා. (පි. 352)

පඤ්ඤා

ඉ. ප්‍රඥාව, පැණ, නුවණ. (පි. 352)

පඤ්ඤාණ

න. ප්‍රඥාව, චිහ්නය, බුද්ධිය. (පි. 352)

පඤ්ඤාත

ති. ප්‍රසිද්ධ, පණවන ලද. (පි. 352)

පඤ්ඤාපක

පු. පනවන්නා. (පි. 352)

පඤ්ඤාපණ

න. පැනවීම, ප්‍රඥප්තිය. (පි. 352)

පඤ්ඤාපභෙද

පු. ප්‍රඥාපභේදය. (පි. 352)

පඤ්ඤාපිත

ති. පණවන ලද. (පි. 352)

පඤ්ඤාපෙති

ක්‍රි. (√ භු. ඤා, අවබොධනෙ, අවබොධකිරීමෙහි, (ප+ඤා+ණපෙ+ ති) පණවයි, සම්මත කරයි. (පි. 352)

පඤ්ඤායති

ක්‍රි. (√ භු. ඤා, අවබොධනෙ, අවබොධකිරීමෙහි, (ප+ඤා+ය+ති) පෙණෙයි, පණවයි. (පි. 352)

පඤ්ඤාවිමුත්ති

ඉ. ප්‍රඥාවිමුත්තිය, ප්‍රඥාවකරණ කොට ගෙන මිදීම. (පි. 352)