සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 580

පඤ්ඤින්ද්‍රිය

න. ප්‍රඥා ඉන්ද්‍රිය. (පි. 352)

පඤ්හ

ති. ප්‍රශ්නය, පැණ.
√ භු. කාමෙ. කැමෙත්තෙහි, පඤ්හති, කැමතිවෙයි.
√ භු. පඤ්හෙ, විචාරීමෙහි, පඤ්හති, විචාරයි. (පි. 352)

පට

√ චු. කථනෙ. කීමෙහි, පාටෙති; පාටයති, කියයි.
න. වස්ත්‍රය, ඇඳුම, රෙද්ද.
√ චු. ගන්ථෙ. ග්‍රන්ථයෙහි, පටෙති. පටයති. හදාරයි, ග්‍රන්ථනය කරයි.
√ භු. ගමනෙ. යාමෙහි, පටති, යෙයි. (පි. 352)

පටග්ගි

පු. ප්‍රතිගින්න, ලැව්ගින්නක් ඇතිවී දා ගෙනයන කල ඊට විරුද්ධ පැත්තේ සිට ඒ දිසාවට දාගෙන යාමට ගිනිදීම. (පි. 352)

පටඞ්ග

පු. පළගැටියා. (පි. 352)

පටල

න. සමූහය, වලාපටල, අක්ෂිපටලාදිය. (පි. 353)

පටලිකා

ඉ. ඝණවූ මල් ඇති එළුලොම් මුව ඇතිරිය. (පි. 353)

පටහ

පු. උඩැක්කියයි ප්‍රසිද්ධ තූර්‍ය්‍ය විශේෂය. (පි. 353)

පට්ට

න. ගල්ලෑල්ල, පිඟාන. (පි. 359)

පට්ටන

න. පටුන්ගම, නගරය, වරාය. (පි. 359)

පට්ටි

ඉ. රත්ලොත්. (පි. 359)

පට්ටිකා

ඉ. රෙදිපටිය, සෑදලය. (පි. 359)

පට්ඨ

√ භු. ව්‍යත්තෙ, වියත් බසෙහි, පඨති, හදාරයි, ඉගෙනගනී. (පි. 359)

පට්ඨපණා

ඉ. තැබීම. (පි. 359)

පට්ඨපන

න. තැබීම. (පි. 359)

පට්ඨපිත

ති. තබන ලද, තැබූ. (පි. 359)

පට්ඨාන

න. ගමන, කාරණය, පිහිටුවීම, එනම් අභිධර්‍ම මහා ප්‍රකරණය. (පි. 359)

පට්ඨාය

අ. පටන්, තතොපට්‍ඨාය, එතැන් පටන්. (පි. 359)

පටාක

න. පතාකාව, ධ්වජ විශේෂයක්. (පි. 353)

පටි

අ. විරුද්ධ, පිටිපස, පමණ, සඳහා. (පි. 353)

පටික

න. එළුලොම් මුවා සුදු ඇතිරිය. (පි. 353)

පටිකඞ්ඛති

ක්‍රි. (√ භු. කඞ්ඛ, ඉච්ඡාසූ, කැමැත්තෙහි, පති+කඞ්ඛ+ති) කැමැතිවෙයි, ආශාවෙයි. (පි. 353)

පටිකණ්ට

පු. වෛරයට ප්‍රතිවෛර කිරීම. (පි. 353)

පටිකත

ති. ප්‍රතිකෘත, විරුද්ධව කළ. (පි. 353)