සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 578
පඤ්චකාම
පු. රූපශබ්දාදි පඤ්චවිධ කාමය, රූපාදී පඤ්චාලම්බනයෙහි පවත්නා ආසාව. (පි. 351)
පඤ්චඤාණ
පු. පඤ්චවිධ ඤාණයක් ඇත්තා, සර්වඥයන් වහන්සේ. (පි. 351)
පඤ්චතප
පු. එනම් තප චරණය, මධ්යාහ්න කාලයෙහි සතර පැත්තෙන් ගිනිගොඩවල් සතරක් කොට ගෙන ඒ මැදට වී ගිනි ගොඩවල් සතරින් හා අව්වෙන් කෙළෙසුන් තැවීම. (පි. 351)
පඤ්චදසී
ඉ. පසලොස පුරවන්නී, පසලොස්වක් තිථිය. (පි. 351)
පඤ්චධා
අ. පස් පරිද්දෙකින්, පස් ආකාරයකින්. (පි. 351)
පඤ්චන
පු. පස්වැනියා, පහ සම්පූර්ණකරන්නා. (පි. 351)
පඤ්චනීචකුල
න. පහත්කුල පස. (පි. 351)
පඤ්චනෙත්ත
පු. පඤ්චප්රකාර ඇස් ඇත්තා, පසැස්, බුදුරජ. (පි. 351)
පඤ්චම
පු. පස්වැනි, පස්වන, එනම් ස්වරය. (පි. 351)
පඤ්චමක
පු. පස්වැනිය, පහ පුරවන්නා. (පි. 351)
පඤ්චමහාපරිච්චාග
පු. ධන, පුත්ර, දාරා, රාජ්ය, ශරීරඞ්ග, යන, මහත් පරිත්යාග පස. (පි. 352)
පඤ්චමාර
පු. කිලෙස, ඛන්ධ, අභිසංකාර, දේවපුත්ත, මච්චු යන පස් දෙන, පස්මරු. (පි. 352)
පඤ්චවිධ
පු. පඤ්චප්රකාර, පස් පරිදි. (පි. 352)
පඤ්චවිධබීජ
න. මූලබීජ, ඛන්ධබීජ, අග්ගබීජ, ඵලුබීජ, බීජබීජ, යන පස. (පි. 352)
පඤ්චසර
පු. සැරපසක් ඇත්තා, අනංගයා. (පි. 352)
පඤ්චස්ස
පු. සිංහයා. (පි. 352)
පඤ්චසාඛ
පු. අතුපසක් ඇති, අත. (පි. 352)
පඤ්චසිඛ
පු. සිඛා පසක් ඇති දෙවියා, දේව ගන්ධර්වයෙක්, පන්සිළුදෙවියා. (පි. 352)
පඤ්චසීල
න. ප්රාණඝාතාදී පස්පවින් වෙන්වී රකින සීලය, පන්සිල්. (පි. 352)
පඤ්චසො
අ. පසක් බැගින්, පස්පරිද්දෙකින්. (පි. 352)
පඤ්චාකාරභය
පු. පඤ්චස්කන්ධයෙන් යුත් භවය, කාමරූප භවයන්ගෙන් එක් කොටසක්. (පි. 352)
පඤ්චාඞ්ගුල
න. එරඬුගස. (පි. 352)
පඤ්චාභිඤ්ඤා
ඉ. අභිඥාපස, ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්තවිජානන, පුබ්බෙනිවාසානුස්සති, දිබ්බචක්ඛු යන පස. (පි. 352)
පඤ්චාරම්භාගීයසංයොජන
න. ඕරයයි කියනලද කාමධාතුව භජනය කරන බන්ධන පස, විචිකිච්ඡා ආදි පස. (පි. 352)