සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 582

පටිකාරික

ති. හරිගැස්සීම් සහිත, නිදොස් කිරීම් සහිත. (පි. 353)

පටිකිට්ඨ

පු. පිළිකුළ. (පි. 353)

පටිකිබ්බිස

න. ප්‍රතික්‍රියා වශයෙන් වැරදිකිරීම. (පි. 353)

පටිකිරති

ක්‍රි. (√ භු. කිර, විකිරණෙ, විසුරුවීමෙහි, පටි+කිර+ති) විසුරුවයි, වගුරුවයි. (පි. 353)

පටිකිළිට්ඨ

ති. පිළිකුල්. (පි. 353)

පටිකුජ්ජණ

න. වැසීම, මුවයටිකර තැබීම. (පි. 353)

පටිකුජ්ජිත

ති. වසනලද, යටිමුවකර තබන ලද. (පි. 353)

පටිකුජ්ඣති

ක්‍රි. (√ දි. කුධ, කොපෙ, කිපීමෙහි +ති) වසයි, මුව යටිකර තබයි.
ක්‍රි. (√ දි. කුධ, කොපෙ, කීපීමෙහි පටි+කුධ+ති) කිපෙයි, කෝපකරයි. (පි. 353)

පටිකුජ්ඣන

න. කිපීම. (පි. 353)

පටිකුටති

ක්‍රි. (√ දි. කුට, ආදානෙ, ගැනීමෙහි +ති) නැමෙයි, හැරෙයි. (පි. 353)

පටිකුට්ඨ

ති. පතික්කූල, පිළිකුළ. (පි. 353)

පටිකුණ්ඨිත

ති. වටකළ‍, වැසූ. (පි. 353)

පටිකුත්තක

පු. කුරුළු වර්ගයක්. (පි. 353)

පටිකුබ්බර

පු. වියගහ, බෝංලීය. (පි. 353)

පටිකූට

පු. ප්‍රතික්‍රියා වශයෙන් රැවටීම. (පි. 353)

පටිකූලතා

ඉ. පිලිකුල් බව. (පි. 353)

පටිකෙළනා

ඉ. ප්‍රතිවිරුද්ධ ක්‍රීඩා කිරීම. (පි. 353)

පටිකොට්ටෙති

ක්‍රි. (√ භු. කූට, ආදනෙ, ගැනීමෙහි +ණෙ+ති = පති+කූට+ති) නමයි, වලක්වයි. (පි. 353)

පටිගච්ච

අ. ප්‍රථමකොට, පළමුකොට. (පි. 354)

පටිග්ගණ්හාති

ක්‍රි. (√ භු. ගහ, උපාදානෙ, ගැනීමෙහි, පටි+ගහ+ණ්හ+ති) පිළිගනී, ප්‍රතිග්‍රහණය කරයි. (පි. 354)

පටිග්ගණ්හිය

අ. පිළිගෙන, ප්‍රතිග්‍රහණය කොට. (පි. 354)

පටිග්ගහන

න. ප්‍රතිග්‍රහනය කිරීම, පිළිගැනීම. (පි. 354)

පටිග්ගහනක

පු. ප්‍රතිග්‍රාහකයා, පිළිගන්නා තැනැත්තා. (පි. 354)

පටිග්ගහා

පු. ප්‍රතිග්‍රහණය, පිළිගැන්ම, පිළිගන්නා බඳුන, පඩික්කම. (පි. 354)