සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 607
පභුති
අ. ප්රභූති, පටන්කොට, ආරම්භකොට. (පි. 366)
පභුතික
ති. ආරම්භකොට ගෙන එන. (පි. 366)
පමත්ත
ති. ප්රමත්ත, ප්රමාද, කඩිසර නොවන. (පි. 366)
පමත්තබන්ධු
ප්රමාදයින්ගේ නෑයා, මාරදිව්ය පුත්රයා. (පි. 366)
පමථාධිප
පු. ඊශ්වරයා. (පි. 366)
පමද්දති
ක්රි. (√ භු. මද්ද, මද්දනෙ, මැඩීමෙහි +ති ප+මද්ද+ති), මිරිකයි, පොඩිකරයි. (පි. 366)
පමද්දන
න. මැඩීම, මිරිකීම. (පි. 366)
පමද්දිත
ති. මඩනාලද, මිරිකන ලද. (පි. 366)
පමදායී
ඉ. ස්ත්රී, කාන්තාව, ප්රමාදා. (පි. 366)
පමදාවන
න. ප්රමාදා (ප්රමාද) වන, අන්තඃපුරවාසින් හා රජදරුවන් කෙළනා උයන, ක්රීඩාවනොද්යානය. (පි. 366)
පම්පක
පු. හුණපුඵලා. (පි. 367)
පම්පතක
පු. හුණපුඵලා. (පි. 367)
පම්මුස්මිත
ති. මුළාවනලද, මුළාවූ. (පි. 367)
පම්මුස්සණ
න. මුළාවීම. (පි. 367)
පම්මුස්සති
ක්රි. (√ භු. මුස, සම්මොසෙ, මුළාවෙහි +ති), මුළාවෙයි. (පි. 367)
පම්හ
න. අක්ෂිරෝම, ඇසිපිහාටු. (පි. 367)
පමා
ඉ. ප්රමාණය, පමාන. (පි. 366)
පමාණක
පු. ප්රමාණ වූ, පමණ වූ. (පි. 366)
පමාණයති
ක්රි. (√ භු. මාන, පූජායං, පිදීමෙහි +ති ප+මාණයති), පුදයි. (පි. 366)
පමාතු
පු. ඉ. මවගේ මව්. (පි. 366)
පමාද
පු. ප්රමාද, පමා, සිහි මුළාව. (පි. 366)
පමාදි
පු. ප්රමාද වන පුද්ගලයා. (පි. 366)
පමාධිකරණ
න. ප්රමාදයට කාරණා. (පි. 366)
පමාන
න. ප්රමාණය, පමණ, කාරණය, ශ්රාස්ත්රය, ප්රමාණ, සත්යවාදී, පමණදන්නා, නිත්යාර්ථ, සීමා. (පි. 366)