සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 609

පමොහ

පු. ප්‍රමෝහය, මුළාව, අධික මෝහය. (පි. 367)

පමොහණ

න. මුළාවීම, අධික මුළාවීම. (පි. 367)

පමොහති

ක්‍රි. (√ භු. මුහ, මුච්ඡායං, මුළාවෙහි +ති), මුළාවෙයි. (පි. 367)

පමොහිත

ති. ඉතාමත් මුළාවනලද. (පි. 367)

පය

පු. කිරි, ජලය.
√ භු. ගමනෙ, යාමෙහි, පයති, යෙයි. (පි. 367)

පයක

පු. මී මුත්තා, මුත්තාගේ පියා, පියාගේ පියාගේ පියාගේ පියාගේ පියා. (පි. 367)

පයච්ඡති

ක්‍රි. (√ භු. යාව, යාචනෙ, ඉල්වීමෙහි +ති), ඉල්වයි, දෙයි. (පි. 367)

පයත

ති. පවිත්‍ර, පිරිසිදු. (පි. 367)

පයතණ

න. ප්‍රයත්නය, උත්සාහය. (පි. 367)

පයතපාණි

පු. පවිත්‍ර කළ අත් ඇත්තා, දන් දීමෙහි ඇලුනහු. (පි. 367)

පයාත

ති. අයත් වූ, අයිති, සන්තක. (පි. 367)

පයාති

ක්‍රි. √ භු. යා, ගතිපාපුනණෙසු ගමන්හි +ති (ප+යා+ති), යෙයි. (පි. 367)

පයුඤ්ජණ

න. යෙදීම. (පි. 367)

පයුඤ්ජති

ක්‍රි. (√ භු. යුජ, යොගෙ, යෙදීමෙහි +ති), (ප+යුජ+ති), යොදයි. (පි. 367)

පයුඤ්ජිත

ති. යොදනලද. (පි. 367)

පයුත

ති. යෙදූ, සංයුක්ත. (පි. 367)

පයුත්ත

ති. ප්‍රයුක්ත, යොදන ලද. (පි. 367)

පයුත්තක

පු. යොදන ලද, ප්‍රයුක්ත. (පි. 367)

පයුරුදාහරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, ගෙනයෑමෙහි,+පරි+උදයාදි+හර+ති), කතා කරයි. (පි. 367)

පයුරුපාසණ

න. ආශ්‍රය, සේවනය, පයුරු පාසණය. (පි. 367)

පයුරුපාසති

ක්‍රි. (√ භු. ආස, උපවෙසනෙ, ඇසුරු කිරීමෙහි +පරි+උප+පාස+ති පයුරු+පාස+ති), ක්‍රි. ආශ්‍රය කෙරෙයි. (පි. 367)

පයුරුපාසික

පු. ආශ්‍රය කරන්නා. (පි. 367)

පයුරුපාසිත

ති. පයුරුපාසනය කළ, ආශ්‍රය කළ. (පි. 367)

පයොග

පු. ප්‍රයොග, සව්‍යාපාරත්වය, යෙදීම. (පි. 367)